ඔබ ඔබම වන්නටත්... මම මමම වන්නටත්....
සේපාලිකා,
උයන්පල්ලා සඳවතියට කල ඇරයුම මම ඔබට නොකරමි
ඔබ කිසි දින මිහිපිටට නොආ යුතුය
පුරා හඳකට මෙහි ඉඩ නැතිව නොවේ
එවිට සඳටද සඳ නැති වන හෙයිනි
අමාවකටවත් හඳ නොබලමියි සපථ නොවෙමි
කඩවන පොරොන්දු නුඹ ලද නොයුතු බැවිනි
ඉඳ හිට රැසක මදහසක් අලවා එවන්න
කළුවරක අමුණා විගහට උත්තර එවන්නම්
~පුරූ~