Showing posts with label Books. Show all posts
Showing posts with label Books. Show all posts

Saturday, November 12, 2022

The Adventure of the Cardboard Box Short story by Arthur Conan Doyle

 











“What object is served by this circle of misery and violence and fear? It must tend to some end, or else our universe is ruled by chance, which is unthinkable. But what end? There is the great standing perennial problem to which human reason is as far from an answer as ever.” 

Friday, October 7, 2022

The Adventures of Sherlock Holmes - SCANDAL IN BOHEMIA by Sir Arthur Conan Doyle

 










"When I hear you give your reasons," I remarked, "the thing always appears to me to be so ridiculously simple that I could easily do it myself, though at each successive instance of your reasoning I am baffled until you explain your process. And yet I believe that my eyes are as good as yours."

......... "You see, but you do not observe"



Thursday, July 28, 2022

My Seditious Heart: Collected Nonfiction Book by Arundhati Roy - The End of Imagination


-"The only dream worth having, ...is to dream that you will live while you’re alive and die only when you’re dead."

-"‘Which means exactly what?"

-"To love. 
   To be loved. 
   To never forget your own insignificance. 
   To never get used to the unspeakable violence and the vulgar disparity of life around you. 
   To seek joy in the saddest places. 
   To pursue beauty to its lair. 
   To never simplify what is complicated or complicate what is simple. 
   To respect strength, never power. 
   Above all, to watch. 
   To try and understand. 
   To never look away.
   And never, never to forget."


.............................................................

"තබාගැනීමට තරම් වටිනා එකම හීනය නම්, 
ඔබ ජීවත්වසිටියදී ජීවත් වීම සහ ඔබ මිය ගිය විට පමණක් මිය යාමයි"

"මොකද්ද ඒකෙ තේරුම?"

"ආදරය කිරීම. ආදරය ලැබීම. තමාගෙ නොවැදගත්කම කිසිදා අමතක නොකිරීම. තමා වටා සිදුවන නිහඬ ප්‍රචණ්ඩත්වයට හා අණක් ගුණක් නැති විෂමතාවයන්ට කිසිදා හුරු නොවීම. ඉතාම දුක්සහගත තැනදීත් සතුට සෙවීම. සුන්දරත්වය එහි පතුලටම හඹා යාම. කිසිදා සංකීර්ණ දේ සරල කිරීමටත් සරල දේ සංකීර්ණ කිරීමටත් නොයාම. බලයට නොව සවිමත් බවට ගරු කිරීම. සියල්ලටම වඩා.... නිරීක්ෂණය කිරීම, උත්සාහ කිරීම, තේරුම් ගැනීම, කිසිදා වෙන්තක නොබැලීම සහ කිසිදා අමතක නොකිරීම" 

Wednesday, June 15, 2022

ඒ ගඟම ගලන හැටි










 කාත් කවුරුවත් නොදන්න ඉසව්වක
ඒ ගඟම ගලන හැටි පුදුමය
අමාරුම තැනුත් පහුකර උල් හදවත්
ගල් බෝල වෙනවා නියතය
හැංගී හැංගි ඔත්තු බලමින් සින්දු කියනා
මාළුවෝ නම් අල්පය
ඉවුර දෙපසේ කරඹ ගස්වල පිපුණු මල් දෙකක්
ගඟට වැටී හමුවීම වේ ආදරය
-කට්ටා / උද්‍යාන් සම්පත් අමේෂන් ජයසේකර/ ඒ ගඟම ගලන හැටි -

...........................................................................

කාත් කවුරුත් දන්න ඉසව්වෙම ඒ ගඟ ගලනවා කාටත් නොපෙනිම
උල් උල් හදවත් තාමත් නොදුටුව මදහස නංවා පාමින් කෝමල
හැංගී හැංගී ඔත්තු බලන්නට ඉස්ගෙඩියක්වත් හමුවුනු නැති තැන
පාර බලන් හිටි වියළි කරඹ මල ආන්න යනවා තනිවම ගහගෙන
~පුරූ~

Leadership Wisdom from the Monk Who Sold his Ferrari by Robin Sharma - ඒ අපූරු මග : පරිවර්තනය උපාලි රත්නායක

 









"ඔබ විසින්ම ඔබව පරාජය කර නොගන්නේ නම්, වෙන කිසිම දෙයකට ක්බ ඔඅරාජය කළ නොහැක."

ජීවිතය වෙනස් කරන කතා - Inspirational Stories for Life - කැලුම් වැලිගම

 


"...ඒ අය තමන් තුළට දුක දැඩිව අවශෝෂණය කටගෙන අනිත් අයට සතුට බෙදාහරිනවා. ඔවුන් හරියට ගස් වගෙයි."

"මල්වල ලස්සන බලන්න මල් කඩලා අතට ගන්න ඕනේ නෑ."

"...මේ ලෝකයේ බොහෝ මිනිස්සු තමන්ට අයිති මොහොත අයිති කරගන්නේ නැතුව වෙන වෙන දේවල් අයිතිකරගන්න ගිහින් ජීවිතය කාලකණ්ණි කරගන්නවා."

"නවත්තන්න එපා දිගටම කරගෙන යන්න. ඔයා විශිෂ්ටයි"

"..ඉර තරම් එළියක් තමන්ට නැහැ කියලා කවදාවත් සඳ දුක් වෙන්නේ නැහැ. සඳ ඉර තරම් සාර්ථක නැද්ද? සඳ ඉර වගේ වටින්නේ නැද්ද?..."

Murder in the Orient Express by Agatha Chridtie - ඔරියන්ට් ශීඝ්‍රගාමී දුම්රියේ මිනීමැරුම පරිවර්තනය තොම්සන් ඒ. වැන්දබෝනා











"...අපරාධයක් විසඳන්නට කෙනෙකු කළ යුත්තේ හාන්සි පුටුවක දිගා වී සිතන එක විතරයි..."

"මම අන්තිම විනාඩිය දක්වා හැම කෙනෙක්ම සැක කරනව."

"වෙන්න බැරි දෙයක් වෙන්න බැහැ. ඒත් පෙනුමෙන් මොන විදියට පෙනුණත් වෙන්න බැරි දේ වෙන්න පුළුවන්"

"ඔබ කවුරුහරි බොරු කියපු කෙනෙක් එක්ක ඇත්ත හගිස්සුවෝතින් ඔවුන් සාමාන්‍යයෙන් ඒක පිළිගන්නවා. ඒක කෙරෙන්නෙ අව්‍යාජ පුදුමයෙන්. නිශ්චිත ප්‍රතිඵල ලැබීමට අවශ්‍ය වන්නේ හරියට අනුමාන කිරීම විතරයි"
 

Tuesday, June 14, 2022

දෙබෑයෝ - ජයසේන ජයකොඩි













 "කේක් කාල පුරුදු උනාම කැවුම් අප්පිරිය වෙනව අම්මෙ"


" ජේන් සිටින්නේ හොඳටම ආඩම්බරයෙනි. ගෙට දිවගොස් කණ්නාඩියෙන් මුහුණ බලන්නට සිතුණත් එ සේ නොකොට දෑතින් මුහුණ අත ගා බැලුවාය"

"ඉදිරියෙන් රතු කමිස හැඳගත් කලිසම්කාරයෝ ය. පිටුපසින් සරම්කාරයෝ ය. කලිසම්කාරයෝ කියන දේ සරම්කාරයෝ කියති"

මළවුන්ගේ අවුරුදු දා - එදිරිවීර සරච්චන්ද්‍ර


 











"මං හිතන්නෙ, අපි මෙහෙම සන්තෝසෙන් කාලෙ ගත කරනව තමයි. දැන් අපේ සිත් සතුටින් පිරිල තියෙනව. ඒ වුණත් වේලාව ගත වෙන්න වෙන්න මේ සතුට අඩු වෙනව නේ ද? අන්තිමට, හිත සම්පූර්ණයෙන් හිස් වෙලා යනවා නේ ද?"

"අන්තිමට වෙන දේ ගැන හිතන්නෙ නැතුව මේ මොහොත ගැන හිතල සතුට විඳින්නට බැරිද?"
"අන්තිමට වෙන දේ කොහොම ද හිතින් අහක් කරන්නෙ? දැන් එක් එක්කෙනාගෙ සමාගමෙන් ආස්වාදයක් ලබනව. තව මොහොතකින් අපට වෙන් වෙන්න සිද්ධ වෙනව. එතකොට කොයි තරම් දුකක් ද?"
ඒකට කරන්න දෙයක් නෑ. ඒ ලෝකෙ හැටි. එක දිගට ම අපි එකට හිටියොත් අපට එක් එක්කෙනාගෙ සමාගම අප්‍රිය වෙන්නත් ඉඩ තියෙනව. ඒ නිසා අපි දෙන්න අන්‍යොන්‍ය සමාගම ප්‍රිය කරන කාලය තුළ දී වෙන් වෙන එක වැඩිය හොඳ නැද්ද?"

"ඔව් අපට නිස්කාන්සුවෙන් කල් යවන්න පුළුවන් මළගිය ඇත්තන් එක්ක විතරයි නෙ. ජීවතුන් අතර අපට තැනක් නෑ"

"ඔබ එතකොට යනව, නෙ ? හෙට යනවා. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුණා ම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නවා. හෙට මම විතරයි. හෙටත්, අනිද්දාටත් කවදාටත් මම විතරයි. මොකක් ද වෙනස ? අද වගෙ ම හෙටත් කවුරුත් නැගිටිනවා. කනව බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ."

"නො ගියොත් යළිත් ආ නො හැකි ය. යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊම ය. නෑවිත් යන්ට බැරි ය. නොගොස් එන්ට බැරි ය."

"මනුස්සයට ඕන දේවල් මොනව ද කියල කවුද දන්නෙ ? ඕන දේ ලැබෙන කොට ඒක ආයෙමත් වෙනස් වෙලා. බලන කොට ඒක නොවේ ඕන කරන දේ. එහෙම තමයි අපි එක ආසාවකින් තවත් ආසාවකට යන්නෙ."

මළගිය ඇත්තෝ - එදිරිවීර සරච්චන්ද්‍ර


 











"අනාගතය ගැන නොසිතා, ග්‍රහණයෙන් කෙමෙන් ගිලිහී යන වර්තමානය පමණක් අල්වාගන්නට තැත් කරමින් මම ජීවත් වීමි"

"මළ ගිය ඇත්තන් ගැන අපි දුක් වෙන බව සැබෑවක්. ඒත් මළ ගිය ඇත්තෝ දුක් වෙන්නේ නෑ. ඒ අය වාසනාවන්තයි."

"එහෙත් කොයිබ ගියත්, මට මේ ලොව එක සේ ය. මා වටා මිනිසුන් දහස් ගණන් සිටිය ද මම හුදකලාවෙන් පසු වෙමි. කිසිවෙකුගේ ආදරය හා සැලකිම්න මට නුරුස්සයි. කිසිවකු මට ආදරය නොදක්වතොත් මැනවැයි මට සිතේ."

"කෙනෙකු දිවි නසා ගන්නේ ජීවිතයේ සෞන්දර්‍යය රැක ගැනීමට ය. කෙනෙකුගේ ජීවිතයෙන් පොදු සෞන්දර්‍යය කිලියි වේ නම්, ඒ පොදු සෞන්දර්‍යය කිලිටි කරමින් ජීවත් වීමට වඩා එය නිර්මල ව තිබෙන්නට ඉඩ දී තමා නැති වී යාම යෙහෙකි."

ජොආනා - කුමාර සිරිවර්ධන පරිවර්තනයක් (Love in a Torn Land by Jean Sasson)



 


".. ඔහුට සිය මව්‍ රට පිළිබඳ තවදුරටත් විශ්වාස කළ හැකි වූයේ නැත. ඉරාකය තවදුරටත් ප්‍රතිපත්තිගරුක මිනිසුන්ට සුදුසු තැනක් නො වීය. ඔහු අකමැත්තෙන් වුව ඉරාකයෙන් පලා යාමට තීරණය කර තිබුණේ එදින ය."

"මම ඔහුට ප්‍රේම කරමින් සිටියෙමි. ඔහු තම ප්‍රේමය මට ප්‍රකාශ කරන තුරු මම සවන් විවර කරගෙන පමා වීමි.
මම පමා වීමි.
මම තවදුරටත් ඔහු වෙනුවෙන් පමා වෙමි."

"ගත වූ වසර ගණනාව පුරා මම ඔහු ව ඉතා හොඳින් අධ්‍යයනය කළෙමි. ඔහුගේ සෑම හැඟීමක් ම, සෑම සිහිමයක් ම මම හොඳින් දැන සිටියෙමි. සමහර අවස්ථාවන්හි දී ඔහු වැකියක් ලිවීම අරඹද්දී මම නිහඬ ව ම එම වැකිය හමාර කළෙමි. ඔහු ම'විසින් වනපොත් කළ පුද්ගලයා ය."

"අනාථ කඳවුරු පිළිබඳ අසන්නට ලැබුණු ආරංචි අප සිත් හි ඇති කළේ ශෝකයකි. එම කඳවුරක් ඇස්පනාපිට දකින්නට තිබෙද්දී කෙනෙකුගේ සිත් හි ඇතිවන ශෝකයට සීමාවක් නැත."

"මගේ සැමියා පසුගිය මාසයේ කළ වැටලීමක දී මැරුණා. රසායන අවි ප්‍රහාරය එල්ලවෙන කොට මට පැනලා එන්න සිද්ධ වුණේ මගේ දරුවන් පස් දෙනාගෙන් දෙන්නෙක් විතරක් අරගෙන. මට තියෙන්නෙ අත් දෙකයි. මම පුංචි ම ළමයින් දෙන්නා වඩා ගත්තා. අනෙක් තුන්දෙනාට වේගෙන් ඇවිදගෙන එන්න බැරි වුණා. අම්මේ අපි ව දාලා යන්න එපා කියලා එයාලා විලාප දුන්න හැටි මට කවදාවත් අමතක කරන්න බැහැ."

යකඩ සිල්පර - විමල් උදය හපුගොඩආරච්චි

 


"බොහෝ බ්‍රිතාන්‍යයන් සිතන පරිදි මේ මිනිසුන් දීනයින් නොවේ. දුප්පත්කම සහ බඩගින්න ඔවුන් දීනයන් බවට පත්‍කර ඇත."

"මිනිසාගේ සතුට ඇත්තේ ඔහුගේ සිතේය. ඔහු හරි යැයි සිතන දේ තුළය."

"ගහ හැදෙන්න කලින් මුලින්ම උදුරල දාන්න ඕනෑ. මරණෙට බය නැති මිනිහෙක් මුල් උනහම සිංහලයො එකතු වෙලා අපේ ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහන්න පුළුවන්."


Rich dad and Poor dad by Robert Kiyosaki












"You are only poor if you give up"

"Fear of losing is greater than wining"

"Keep that attitude and learn nothing"

"The main cause of poverty or financial struggle is fear and ignorance not the economy or the government or the rich."

"Fear pushes you out the door, and desire calls to you."

"'Human's life is a struggle between ignorance and illumination."

"History proves that great civilizations collapse when the gap between the haves and have-nots is too great."

"We haven't learned from history. We only memorize historical dates and names, not the lesson."

The Alchemist by Paulo Cohleo

 















"If someone sees the same people every day,..... , they wind up becoming a part of that person's life. And then they want the person to change. If someone isn't what others want them to be, the others become angry. Everyone seems to have a clear idea of how other people should lead their lives, but none about his or her own."

"-What’s the world’s greatest lie?
-It’s this: that at a certain point in our lives, we lose control of what’s
happening to us, and our lives become controlled by fate. That’s the world’s
greatest lie"

"..there is one great truth on this planet: whoever you are, or whatever it is
that you do, when you really want something, it’s because that desire
originated in the soul of the universe. It’s your mission on earth."

"The Soul of the World is nourished by people’s happiness. And also by unhappiness, envy, and jealousy. To realise one’s Personal Legend is a person’s only real obligation"

"When you want something, all the universe conspires in helping
you to achieve it.”

"He never realized that people are capable, at any time in their lives, of doing what they dream of.”

"If you start out by promising what you don’t even have yet, you’ll lose your desire to work toward getting it."

"We have to take advantage when luck is on our side, and do as much to help it as it’s doing to help us. It’s called the principle of favorability. Or beginner’s luck.”

"making a decision was only the beginning of things. When someone makes a decision, he is really diving into a strong current that will carry him to places he had never dreamed of when he first made the decision."

"The closer one gets to realizing his Personal Legend, the more that
Personal Legend becomes his true reason for being, thought the boy."

"people need not fear the unknown if they are capable of achieving what they need and want"

"when you can’t go back, you have to worry only about the best way of moving forward"

"Maybe God created the desert so that man could appreciate the date trees"

"To do that successfully, I must have no fear of failure. It was my fear of failure that first kept me from attempting the Master Work"

"to die tomorrow was no worse than dying on any other day. Every day was there to be lived or to mark one’s departure from this world.'

"It's not what enters men's mouths that's evil," said the alchemist. "It's what comes out of their mouth that is."

"what kept you at the oasis was your own fear that you
might never come back"

"Most people see the world as a threatening place, and because they do, the world turns out, indeed, to be a threatening place."

"One is loved because one is loved. No reason is needed for loving"

"When men are at war with one another, the Soul of the World can hear the screams of battle. No one fails to suffer the consequences of everything under the sun."

"when something evolves, everything around that thing evolves as well."

“If a person is living out his Personal Legend, he knows everything he
needs to know. There is only one thing that makes a dream impossible to
achieve: the fear of failure.”

"there’s no need for iron to be the same as copper, or copper the same as gold. Each performs its own exact function as a unique being, and everything would be a symphony of peace if the hand that wrote all this had stopped on the fifth day of creation"

"when we strive to become better than we are, everything around us becomes better, too."

"It is we who nourish the Soul of the World, and the world we live in will be either better or worse, depending on whether we become better or worse. And that’s where the power of love comes in. Because when we love, we always strive to become better than we are.”


Saturday, January 8, 2022

පාට - තාරකා වාසමුදලිආරච්චි











"වානර මානවයා දෙපයින් හිටගන්න පුරුදු වුණේ අහම්බෙන් විත්‍තිය ඇත්ත. බඩගින්නෙ කන්න හොයාගෙන යනකොට දෙපයින් හිටගත්තෙ උස ගස්වල අමාරුවෙන් කෙළින් කරගත්ත කොන්ද එහෙමම තියාගෙන අමාරුවෙන් දෙපයින් නැගිටලා ඉන්න පුරුදු වුණා. අද කාලෙ එක එකා ඉස්සරහ සමහරු කිසිම හිරිකිතයක් නැතුව නවන්නෙ එච්චර අමාරුවෙන් කෙළින් කරගත්ත කොන්ද නේද?.."

"............රෝස මල් දෙන කෙනාගෙ අතේ හැම වෙලාවෙම ටිකක් හරි සුවඳ තැවරිලා තියෙනවා ........"

"ඉක්මනින් පිරිමියෙක් හොයාගෙන එයා ගැන තමන්ටත් වැඩිය විස්වාස කරලා එයා තමන්ව තේරුම් අරගෙන නැහැයි කියලා ළතවෙවී ඉන්න එකද, තනිවම මෙහෙම ඉන්න එකද වැඩිය හොඳ ..?"

"නැති සැප ගැන හිතින් දුක් විඳින එක තරම් මෝඩ ක්‍රියාවක් තවත් නෑ......"

"බුද්ධියට ඇස් දෙකක් ඇත. භක්තියට ඇත්තේ එක් ඇසක් පමණකි. එය ප්‍රබල වන විට අනෙක් ඇස අන්ධ වෙයි."

"මාක් ට්වේන් කිව්ව වගේ ඡන්දෙන් ඇත්තටම වෙනසක් කරන්න පුළුවන් නම් පාලකයො අපිට ඡන්ද අයිතිය දෙන්නෙ නෑ."

".....මට ඇත්තේ මිටියක් පමණක් නම් මට හැමදේම ඇණයක් ලෙස පෙනෙන්නට ඉඩ තිබේ..."

"හොඳ සිතුවිලි එක්කම ජීවත් වෙන්න පුරුදු වුණාම නරක සිතුවිලි ඉබේම පැනලා යනවා"

"හිත් කියන්නෙ සැරින් සැරේ වෙනස් වෙන මහා චංචල දෙයක්. ඉතින් කෙනෙකුට තමන් ගත්ත තීරණයක් වෙනස් කරන්න නිදහසක් තියෙන්න ඕන."

"බෞද්ධ දර්ශනයෙ නියම ස්වරූපය බොහෝවිට අපට පෙනෙන්නේ නෑ. හේතුව මොකද්ද සරුව පිත්තල පාට වගයක් එහි තවරන්න සමහරු උත්සාහ කරනවා"

"ගෝර්කි කිව්වෙ මිනිසාට අවශ්‍යතා අඩු වූ තරමට මිනිසා වාසනාවන්ත වෙන අතර අවශ්‍යතා වැඩි වන තරමටම ඔහුගේ නිදහස සීමා වන බවයි."

"හිතන විදිය අනුවනේ හැම දෙයක්ම තීරණය වෙන්නේ."

"ආදරය කෙතරම් බලවත්ද..?
සමානව සැලකීම කොතරම් බලවත්ද.. ?
කොන් නොකිරීම කෙතරම් සැනසිල්ලක්ද.. ?"

"උද්‍යෝගයෙන් තොරව කිසිම දෙයක් මුදුන් පමුණුවා ගත නොහැක"

"මිනිසාට සැප ලැබිය නොහැක්කේ සැප යයි සිතන ද්ව්‍ය මොහොතින් වෙනස් වන නිසා විය යුතුය."

ආනන්ද බෝඩිමේ සැඟවුණු රස කතා - දෙව්සිරි පී. හේවාවිදාන

 











"කොහොමද ඔයැයිගෙ ලව් එක?" යැයි මා ඇසූ විට
"මචං දැන් සියයට පනහක්ම හරි" කියා ඔහු සතුටෙන් උත්තර දුන්නේය. මෙච්චර ඉක්මනට අපේ සහයෙකුට ප්‍රේමයේ වෙළෙන්නට ලැබීම ගැන සතුටට පත් මා ඔහුගෙන් තව විස්තර ඇසූ විට ඔහු මට කොඳුරමින් කීවේ "මචං මගේ සියයට පනහ විතරයි හරි. කෙල්ල තවම දන්නෙවත් නැහැ" යි කියාය

"තමුසෙලා දෙන්නට සියදිවි නසා ගන්න ඕන නම් ගෙදර ගිහින් මැරෙනවකෝ අපට වද නොදී"

"තමුසෙ සනීප වෙලා එනවකො හොඳ දඬුවමක් දෙන්න" මෙය අසන තුවාලකාරයාට ටැක්සිය තුළම කලන්තේ හැදෙයි

"අවස්ථාවක් ලැබුණොත් ඔය ළමයි හරි ගිහිල්ලා එයි සර්"

"අපි ඕකට හොඳ වැඩක් කරමු"

අප්‍රකාශිත ප්‍රේමය - තිළිණි එන්. ලියනආරච්චි

 











"රාම, නුඹ රහසිනුත් පවක් නොකර ම බැඳුණා
ඒ උනත් ආදරේ හිස්තැනක් නම් තිබුණා"

"අන්තඃපුර හිමි රජුන් හට වැඳ
ඉතිහාස පොත් පෙරළ පෙරළා
උන් ම හයියෙන් හිනාවූවා
"ඔබ සරාගී ලියකි"කියලා"

"ආදරේ බිංදුවක් මිස
නොපැතූ බව අත, පිළිගන්න"

"ඉඹින්නට බැරි උසක
තිබුණ නුඹෙ හද මඩල
හැමදාම රෑ පුරා
මම වින්ද දුයිශෙන්"

"ජීවිතේ අමාරුම කාලෙත්,
මිල්ටන් මුදලාලි
කෑවෙත්,
ලුණුත් නැති රොටිය.
වෙනසක් නෑ,
දොස්තර කියන්නෙ ම
ලුණු නැතුව කන්න!

ඈත දුර ඈත - ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද

 











"...වැදගත් කාරණේ මේකයි, ඒ හිස්කම පුරවන්න සුදුසු කෙනා, ඔයා හොයන් කෙනා එයා නෙමෙයි කියලා පැහැදිලිව තේරුම් ගත්තට පස්සෙ, ඔයාව ඒ හිස්කම වටේ එල්ලලා තියාගන්න අවශ්‍ය නැහැ. ඒක තමන්වම රවට්ට ගැනීමක්. අනවශ්‍ය කරදරයක්. එයාව අත ඇරලා දාන්න. කෙළින්ම එයාට කියන්න."

"මං හොඳටම වැඩට ඇබ්බැහි වෙලා ඉන්නෙ. ඒකට මගේ අකමැත්තක් නෑ. එතකොට අතීතය අමතක වෙලා යනවා. එක්කො අතීතය ගැන මතක් කරන්න අමතක වෙලා යනවා. ඊට පස්සෙ වෙන කෙනෙකුට කියන්න තරම් ඒකෙ විශේෂයක් නැති බව තේරෙනවා"

"කෑම උයන එකෙන් තවමත් සතුටක් ලබයි කියලා ඔයා හිතනවනං, මගේ යෝජනාව, ඕනවට වැඩිය ඒ ගැන නොහිතා, ඒක නිකම්ම කරගෙන යන්න කියන එකයි. ඒකෙන් විනෝදයක් ලබන්න උත්සාහ කරන්න. ඒ හදන කෑම ගැන හිතන්න. ඒ කෑමට සම්බන්ධ අතීතය ගැන හිතෙන්න එපා."

"ඔයාට කතා කරන්න අවශ්‍යතාවයක් නැති අයත් එක්ක ඔයා කතා කරන්න අවශ්‍ය නෑ තමයි. නමුත් ඒ අයගෙන් පලා යන්න හදන්නත් එපා. ඒගොල්ලන්ට මූණ දෙන්න. නමුත් ඒගොල්ලන්ගෙ අනුකම්පා ඔයාට අවශ්‍ය නැති බව පැහැදිලිව පෙන්නන්න"

"-ඔයා අවදානමක් ගන්න ඕනෙ. හරියට කන්දකින් තව කන්දකට පනිනවා වගේ
................
-බැරි වෙලාවත් මගේ පිම්ම වැරදුණොත්? ඒ කඳු දෙක මැද්දෙ මුහුදක් තිබිලා, ඒකට වැටිලා මාව ගිලිලා ගියොත්?
...............
-ඔයා මේක තේරුම් ගන්න. ...කලබල නොකරන තාක් කල් මනුස්සයෙක්ව වතුරෙ ගිලෙන්නෙ නෑ. සන්සුන්ව ඉන්න තාක් කල් එයාට පුළුවන් දිය මත පාවි පාවි ඉන්න......"

චීන ආප්තෝපදේශ
"සුළඟ සැර වන විට, කෙනෙක් පවුරු සාදති. තව කෙනෙක් සුළං මෝල් ඉදිකරති."

"මුතු ඇට වෙරළේ නොරඳයි. ඔබට මුතු ඕනෑ නම් ඔබ ඒවා සොයා කිමිදිය යුතුය"

"ඔබ සෘජුව සිටගෙන සිටින්නේ නම්, ඇද වූ සෙවණල්ලකට බිය විය යුතු නැත."

"ඉවසීම යනු තිත්ත පැළෑටියකි. එහෙත් එහි ඵල මිහිරිය"

"මල් දෙන අත්වල සදාතනික සුවඳ පොදක් ඉතිරි වෙයි"