Showing posts with label කවියට කවියක්. Show all posts
Showing posts with label කවියට කවියක්. Show all posts

Wednesday, June 15, 2022

ඒ ගඟම ගලන හැටි










 කාත් කවුරුවත් නොදන්න ඉසව්වක
ඒ ගඟම ගලන හැටි පුදුමය
අමාරුම තැනුත් පහුකර උල් හදවත්
ගල් බෝල වෙනවා නියතය
හැංගී හැංගි ඔත්තු බලමින් සින්දු කියනා
මාළුවෝ නම් අල්පය
ඉවුර දෙපසේ කරඹ ගස්වල පිපුණු මල් දෙකක්
ගඟට වැටී හමුවීම වේ ආදරය
-කට්ටා / උද්‍යාන් සම්පත් අමේෂන් ජයසේකර/ ඒ ගඟම ගලන හැටි -

...........................................................................

කාත් කවුරුත් දන්න ඉසව්වෙම ඒ ගඟ ගලනවා කාටත් නොපෙනිම
උල් උල් හදවත් තාමත් නොදුටුව මදහස නංවා පාමින් කෝමල
හැංගී හැංගී ඔත්තු බලන්නට ඉස්ගෙඩියක්වත් හමුවුනු නැති තැන
පාර බලන් හිටි වියළි කරඹ මල ආන්න යනවා තනිවම ගහගෙන
~පුරූ~

Friday, January 24, 2020



“Hydro note එකට.....
හිත හදාගෙන ඔයාව බලන්නෙ කොහොමද
මට අනිත් අයත් මතක් වෙනවා
එයාලව බලන්න ගියාම
මට ඔයාව මතක් වෙනවා
දන්නවද
ඔයා විතරක් නෙමෙයි
මට තව 7ක් ඉන්නවා
2 ක් නම් general
මට වැඩිය වද දෙන්නෑ
ඒ විතරක්ද
මට ඉස්සර අයත් මතක් වෙනවා
මට රිද්දපු අය
ඔයාලත් ඒ වගේ වෙයිද
හිත කලබල වෙලා
ඉතින් කොහොමද හිත හදාගෙන
ඔයාව බලන්නෙ මම...”

-රිශානි කළුපහන-

“තව ටිකයිනෙ මුදුනට
ඇයි බලන්නෙ ආපහු
හැරි හැරී......
මං පුංචි දිය පාරක්
පිපාසෙට බොන්න ගන්න
කොහොම වට්ටන්නද
ඔයාව
ඔයාගෙ මහන්සියෙන්
නැගපු කන්දෙන්....
~මීට hydro note එක~” 

-පුරූ-