Showing posts with label සඳට කියන වග.... Show all posts
Showing posts with label සඳට කියන වග.... Show all posts

Wednesday, October 5, 2022

ඉතින් ඒ කව තවම එතැනයි













සපථ කෙරුවත් කොයි තරම් තව නම් හඳ බලන්නේ නෑ කියා

හුස්ම හෙලනා වරක් පාසා සුපුන් සඳ මට පේනවා

උඹත් හිටිදෙන් මමත් ඉන්නම් මමම මගෙ හිත හදනවා

ඒත් හඳ බැස යන හීනෙකින් පාන්දර නිදි කැඩෙනවා


හෙට අනිද්දා හීනෙ එළි වෙන බවත් මම දැන් දන්නවා

අහස හිමි නුඹ මෙහෙට එන්නෑ ඒ බවත් මම දන්නවා

තාරකාවක් වී පලක් නෑ මක් කරන්නද හිතනවා

ඉතින් ඒ කව තවම එතැනයි මම තවම නිදි කිරනවා


සේයාරුව - pinterest වෙබ් අඩවියෙන්

Friday, April 22, 2022

හොර හොරෙන් එබිකම් කරපු සඳ








හොර හොරෙන් එබිකම් කරපු සඳ
කාන්තිය විතරක්ම වැටිලා
පුරුදු තාලෙම අල්ලාන හිටි
දියඹ හටනක් කරනවා

පාළොස්වකම අවදියෙනි
තුටින් ඉපිළී කැළඹිලා
අවපසම නෝක්කඩුවෙනි
හඳ හා උරණ වීලා

අමාවකෙ ගිමන් හරී
අර පරණ තාලයටම වැටිලා
හඳ නගින යාමයට
ආයෙමත් එයි යකා වැහිලා

~පුරූ~
 

Friday, October 22, 2021

 

උයන්පල්ලා සඳවතියට කල ඇරයුම මම ඔබට නොකරමි

ඔබ කිසි දින මිහිපිටට නොආ යුතුය

පුරා හඳකට මෙහි ඉඩ නැතිව නොවේ

එවිට සඳටද සඳ නැති වන හෙයිනි


අමාවකටවත් හඳ නොබලමියි සපථ නොවෙමි

කඩවන පොරොන්දු නුඹ ලද නොයුතු බැවිනි

ඉඳ හිට රැසක මදහසක් අලවා එවන්න

කළුවරක අමුණා විගහට උත්තර එවන්නම්


~පුරූ~

Tuesday, October 20, 2020













අත ළඟ ඇති ඉටි පහනත්
දිස්නේ විදුලිය පහනත්
තේජස් දෙන හිරු කිරණත්
නොම දෙයි ඔබ වන් සිහිලක්
හිතම එළිය වන සිහිලක්

~පුරූ~

සේයාරුව - pinterest වෙබ් අඩවියෙන්

Tuesday, August 25, 2020












ඉරේ ගිනියම වැදී දැවී ගිය හදවතක්

වදනකින් සනහන්න හැකි එකම සඳවතක්


නුඹට ගිම් නොදැනේද

දැනිත් නොකියා නේද


මගේ ගිනි නිවලාම 

නැද්ද හති වැටිලාම


අල්පෙනිති තුඩකවත්

හිදැස් නොතියන නමුත්


තුතියි නොකියම ඉන්න

ඇතිවාද මට ඉඩක්.....

~පුරූ~

ඡායාරූපය - Pinterest වෙබ් අඩවියෙන්


Tuesday, March 3, 2020

Already reserved?

හිමිද නැතිද නොදැන මාත්
හීන ලෝක මැව්ව උනත්
ඒ හීනේ පෑරෙන වග
හිතන් හිටියේ නෑ

අඟල් දෙකක් උසට මවපු
හීනෙ ටිකක් හීරුණාම
මේ තරම්ම වේදනයිද
දැනන් හිටියේ නෑ

පෝය ගනන් නොපෑයුවම
අමාවකේ තනි උනාම
කවදාවත් මේ වාගේ
දුකක් දැනිලා නෑ

බැබලි බැබලි ඉන්න හඳක්
කෙස් ගහකින් මුවා වෙලා
මේ තරමට දවන බවක්
දැනන් හිටියේ නෑ

~ පුරූ ~

Monday, March 2, 2020

ඔහොම කීවට නුඹත් අද හෙට මටත් නොකියම යන්න යාවිද
























පස්සෙ බලමුයි කියා කීවත්
කවදා වෙනකන් මග බලාවිද
එපා කියතැයි හිතා හිටියත්
එපා...මයි මට යයි කියාවිද
සිකුරු ලබලා ළඟම ඉන්නා
සිකුරු තරුවට හාද වේවිද
ඔහොම කීවට නුඹත් අද හෙට
මටත් නොකියම යන්න යාවිද


~පුරූ~


Friday, January 24, 2020

ගඟ මොකද අද.......



ගඟ මොකද අද සාංකාවද
දෙපෝයකටම සඳ නොදුටු සඳ

කොයිද විසිරුණු හිනා ගං රැළි
කෝල රැන්දූ සීත සිලි සිලි

හිරුගෙ කිරණින් දිස්නෙ විහිදුව
ගං පතුල හැංගුනේ කොයිබද

නැද්ද පාළොස්වකක් තව ළඟ
ඔරෝගෙන කී දොහක් යන්නද

~පුරූ~

හඳ මඩලට ආදරයෙන්....



ඔබ දන්නෙ නැතුව ඇති
නිතර දෙවේලේ මිදුලට එන්නේ
තරු ගනින්නම නොවන බව...

ඔබ දන්නේ නැතුව ඇති
ඔබ අහසෙ නැති දවසට
මගෙ හිත් අහසම හිස් බව...

ඔබ දන්නේ නැතුව ඇති
ඔබෙ දිස්නෙ එක වරක් වැටුනම
මගෙ මූන දවස් ගානකට එළිය වැටෙන බව...

ඔබ දන්නෙ නැතුව ඇති
අමාවකට කලින් දා මං හිටියෙ
ඇස් අගිස්සෙ කඳුලු හිර කරගෙන බව...

ඔබ දන්නේ නැතුව ඇති
මුලු ලෝකෙටම තරුවක් උන ඔබ
මටම විතරක් සඳ මඩල බව...

-පුරූ-

නොකියා ගිය වසන්තයට.....



නුඹ තාම ඉන්නා වග සිතා
බලා ගන්නට සිත පුරා
ආ නමුත් හනිමට මෙමා
නුඹ ගොහින් මෙබිමෙන් මට හොරා


~පුරූ~


ඔව්...
උඹ හිතුවා හරි..
මං ආවේ නුඹව බලන්න..
මං ඉද්දි නුඹේ තිවුණු සිරියාව තාමත් එහෙමමද බලන්න
මෙහෙදිත් මට මුණගැහුණාට
මට ඕනෙ උනෙ ඔහාට ඇවිත්ම බලන්න
උඹ තාමත් දිස්නෙ දෙනවා එදා වගේම
ඒත් හරි මහන්සි පාටයි....
මං දන්නවා
ලේසි නෑ ඔහොම ඉන්න
කමක් නෑ
ඔහොම ඉවසපන්කො තව ටිකක්
උඹටත් පායයි දවසක ඉර...

~පුරූ~

මසඳ ඔබගේ........




වත කමල නොදුටුවෙන් කලකින්
   වාලුකාවේ මඟ මුලා වෙමි ඔබ නොදන්නේ
මිහිරි තෙපුලක් සවන නොවැකී
   ලොවට බිහිරිය වී සිටින්නෙමි ඔබ නොදන්නේ
කුළුණු වෑහෙන හස මඬල නැති
   සොවින් අඳුරට වී අඬන්නෙමි ඔබ නොදන්නේ
අහඹු අහඹුත් මඟ හරීයැයි බියෙන්
   ලතැවී ගොළුව ඉන්නෙමි ඔබ නොදන්නේ

                       ~පුරූ~