හඳ මඩලට ආදරයෙන්....
ඔබ දන්නෙ නැතුව ඇතිනිතර දෙවේලේ මිදුලට එන්නේතරු ගනින්නම නොවන බව...
ඔබ දන්නේ නැතුව ඇති
ඔබ අහසෙ නැති දවසට
මගෙ හිත් අහසම හිස් බව...
ඔබ දන්නේ නැතුව ඇති
ඔබෙ දිස්නෙ එක වරක් වැටුනම
මගෙ මූන දවස් ගානකට එළිය වැටෙන බව...
ඔබ දන්නෙ නැතුව ඇති
අමාවකට කලින් දා මං හිටියෙ
ඇස් අගිස්සෙ කඳුලු හිර කරගෙන බව...
ඔබ දන්නේ නැතුව ඇති
මුලු ලෝකෙටම තරුවක් උන ඔබ
මටම විතරක් සඳ මඩල බව...
-පුරූ-
No comments:
Post a Comment