"මං හිතන්නෙ, අපි මෙහෙම සන්තෝසෙන් කාලෙ ගත කරනව තමයි. දැන් අපේ සිත් සතුටින් පිරිල තියෙනව. ඒ වුණත් වේලාව ගත වෙන්න වෙන්න මේ සතුට අඩු වෙනව නේ ද? අන්තිමට, හිත සම්පූර්ණයෙන් හිස් වෙලා යනවා නේ ද?"
"අන්තිමට වෙන දේ ගැන හිතන්නෙ නැතුව මේ මොහොත ගැන හිතල සතුට විඳින්නට බැරිද?"
"අන්තිමට වෙන දේ කොහොම ද හිතින් අහක් කරන්නෙ? දැන් එක් එක්කෙනාගෙ සමාගමෙන් ආස්වාදයක් ලබනව. තව මොහොතකින් අපට වෙන් වෙන්න සිද්ධ වෙනව. එතකොට කොයි තරම් දුකක් ද?"
ඒකට කරන්න දෙයක් නෑ. ඒ ලෝකෙ හැටි. එක දිගට ම අපි එකට හිටියොත් අපට එක් එක්කෙනාගෙ සමාගම අප්‍රිය වෙන්නත් ඉඩ තියෙනව. ඒ නිසා අපි දෙන්න අන්‍යොන්‍ය සමාගම ප්‍රිය කරන කාලය තුළ දී වෙන් වෙන එක වැඩිය හොඳ නැද්ද?"
"ඔව් අපට නිස්කාන්සුවෙන් කල් යවන්න පුළුවන් මළගිය ඇත්තන් එක්ක විතරයි නෙ. ජීවතුන් අතර අපට තැනක් නෑ"
"ඔබ එතකොට යනව, නෙ ? හෙට යනවා. එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නෙ අද විතරයි. අද දවස හමාර වුණා ම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නවා. හෙට මම විතරයි. හෙටත්, අනිද්දාටත් කවදාටත් මම විතරයි. මොකක් ද වෙනස ? අද වගෙ ම හෙටත් කවුරුත් නැගිටිනවා. කනව බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනව. ඒත් මම විතරයි. ඔබ නෑ."
"නො ගියොත් යළිත් ආ නො හැකි ය. යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊම ය. නෑවිත් යන්ට බැරි ය. නොගොස් එන්ට බැරි ය."
"මනුස්සයට ඕන දේවල් මොනව ද කියල කවුද දන්නෙ ? ඕන දේ ලැබෙන කොට ඒක ආයෙමත් වෙනස් වෙලා. බලන කොට ඒක නොවේ ඕන කරන දේ. එහෙම තමයි අපි එක ආසාවකින් තවත් ආසාවකට යන්නෙ."
No comments:
Post a Comment