"මුල් ගුරුතුමා ;-
“මැටි වැඩ ඉගෙන ගත්තොත් මුට්ටක්වත් හදාගන්න පුළුවන්.
ශාරීරික අභ්‍යාස වගේ දෙයක් ඉගෙන ගත්තොත්
කොන්දක්වත් කෙළින් තියාගන්ඩ පුළුවන්.
නමුත්... දැන් ඔය සාහිත්‍ය ඉගෙනගෙන ?"
සාහිත්‍ය ගුරුතුමා ;-
“සාහිත්‍යයෙන්ද ? සාහිත්‍යයෙන් කරන්නෙ
ඔය කෙළින් කරපු කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට
රත්තරන් පුරවගන්නවද, අසූම් පුරවගන්නවද කියල
තෝරලා බේරලා ගන්න එක."
No comments:
Post a Comment