"..ඔයා මේ තරම් ගිවිසුම්... සහතිකගැන උනන්දු ඇයි? සහතික කියන දේවල් අපේ ජීවිත්වලට එච්චර අදාළ නෑ"
"මම මගෙ වම්පස හිස්කම දරාගන්න බැරිව ආයෙමත් කවුළුවෙන් එපිට ලෝකය දෙස බැලුවා."
"බලාගෙන ගියාම කෙනෙකුගෙ ශරීරය කියන්නෙ හිර කූඩුවක් තමයි. අපිට ජීවිතාන්තය තෙක්ම ඒ කූඩුවෙ හිර වී සිටින්නට නියමිත වෙලා තියෙනවා."
"පුරන් වෙච්ච වෙල් යායක් පොල් රුප්පාවක් හම්බ වෙනකම් ඈතට දුවනවා"
"... ඔහු කීවෙ අපි මුවින් පිට කරන වචන සහ ඇත්තටම අපට කීමට අවැසි දේ අතර වෙනසක් ඇති බවයි."
"උන් හැමෝම මගේ සරුවාංගෙට ඉරිසියා කළා. ඇනුම්පද කිව්වා. මාව කොන් කළා. අවට ලෝකයට වෛර කරන්න ඉස්සරෝම ඉගැන්නුවෙ අක්කලා."
“ඇග පුරාම හොරි හැදිච්ච හිගන්නාක් පාරෙ වැටිලා හිටියට කවුරුත් බලන්නෙ නැහැ. හැබැයි ඒ මිනිහා මහ පාරෙ මැරුණොත් කවුරුත් වට වෙනව මිනිය බලන්න. පොලිසිය නඩුකාරය හැමෝම එනවා. මැරුණෙ කොහොමද හොයන්න කපලත් බලනවා”
“... ඒ වාක්ය කිහිපය එතන තිබුණ පරිසරය වෙනස් කලා. කොටින්ම ගස්වල මල් පිපුණා. හීන් හීතල මද පවනක් හමාගෙන ගියා. වැහ්ලා තිබුණ ගෙයි දොරවල් ජනෙල් එක පාරටම සට පට ගාලා ඇරෙන්නයි වැහෙන්නයි පටන් ගත්තා.”
No comments:
Post a Comment