Tuesday, October 20, 2020













අත ළඟ ඇති ඉටි පහනත්
දිස්නේ විදුලිය පහනත්
තේජස් දෙන හිරු කිරණත්
නොම දෙයි ඔබ වන් සිහිලක්
හිතම එළිය වන සිහිලක්

~පුරූ~

සේයාරුව - pinterest වෙබ් අඩවියෙන්

Thursday, October 15, 2020

The Valkyries by Paulo Coelho


 












"I used to imagine the great masters as people who were far removed from the world"

"The rivers return to the mountains, but carry with them the wisdom of the sea"

" "We'll do it," she said. 

"Thanks for the 'we'," he answered with a smile. "

"Some things are so important that you have to learn about them on your own"

"Human beings may forget their origin, but nature, never."

"Don't fight your thoughts. They are stronger than you are. If you want to rid yourself of them, accept them. Think about what they want you to think about until they grow tired"

"Don't leave me in the middle of the road"

".. People are always more respectful of those who speaks of things no one understands"

".. I have no idea what awaits me, but I want to get back. I need love, affection. I need someone who can protect me here on earth..."

"I was always forgiven by my friends, but never learned how to forgive them in return"


Saturday, September 19, 2020

 


සරසවි බිම තෙමී යන්න අඳුරු ලලා වහිනවා

කුඩේ යටින් යනෙනා විට අනේ තනිය දැනෙනවා 

හන්තානෙන් පායපු හඳ වළාවකට වැහෙනෙවා

ඔබෙ මතකෙන් පෑරුණ ගඟ ඉවුරු කඩා ගලනවා


~පුරූ~


 ඡායාරූපය : Lahiru Attanayake

Friday, August 28, 2020

අටවක පුත්තු - ලියනගේ අමරකීර්ති

 “කිරි අම්මෙකුටයි, අම්මෙකුටයි මැදිවෙලා හැදෙන එක ආණ්ඩු දෙකක් තියෙන රටක ජීවත් වෙනවෙ වගේ. ... එක ආණ්ඩුවක තියෙන කීති පද්ධතිය අනික් ආණ්ඩුවෙ නීති පද්ධතියට වඩා වෙනස්. ඒත් ඒ දෙකටම කීකරු වෙන එක රටවැසියගෙ වගකීම” 

“විද්‍යා කරන අයට කලාවත්, කලාව කරන ැයට විද්‍යාවත් තෙලුයි වතුරයි වගේ විය යුතු බව හිතමින් විද්‍යාව උගන්නන නයනා කොඩිතුවක්කු කිව්වා” 

“ ‘රූපක’ හෝ වේවා ‘වාච්‍ය’ හෝ වේවා අර්ථ කියන්නෙ අර්ථ, මොන අර්ථෙත් විශ්වාස කලොත් යථාර්ථයක් වෙනවා අඩු තරමෙ ඒවා විශ්වාස කරන අයට”

“ඕනෑවට වැඩිය හිනා උනොත් අඬන්න වෙනව කියන න්‍යාය චිරාත්කාලයක් තිස්සේ මිනිස් අත්දැකීම් වාක්කියක් බවට උකු වෙලා හැදුනු එකක් වෙන්න ඕනෙ." 

“ඒ වෙඩි වැනි සද්දෙ එන්නෙ තමන්ගෙම මනසෙ වැටට එහායින්ද මෙහායින්ද කියලා තේරුම් ගන්න බැරි උනා” 

“-කියපිය ඇමතිතුමා තෝ වගේ කොන්ඩෙ වවපු පරයෙක්ද නැද්ද?

- කෑ කොණ්ඩෙ වවලා නෑ” 

“එතකොට තමුන් මටත් කියන්නෙ ගල්කටස් තුවක්කු අරන් ශ්ඌට් කරගෙන ශ්ඌට් කරගෙන යන්න කියලද?” 

“ඔන්න පේනවනෙ යථාර්ථයෙ නියම ස්වභාවය මතුවෙන්නෙ ඒක කලාවට දාල බැලුවම” 

“අපි නෑ බෑ නොකියන්න පොඩි කාලෙ පුරුදු කරවන සංස්කෘතික ගොදුරු”

“දෙමව්පියන්, නෑදෑයන් අපට ඉබේ ලැබුනත්, අප මිතුරන් තෝරා බේරා සොයා ගන්නේ ඇයි දැයි තේරුම්ගත් දමයන්ත, තම දෑතේ ඇති උපරිම ශක්තියෙන් අත්පොලසන් දුන්නා" 

"ඉස්සර සෙල්ලම් කරපු පින්තූර ප්‍රෙහේලිකාවක් එක්ක ආයෙත් සෙල්ලම් කරද්දි නැති උන කෑලි හොයන පොඩි කොල්ලෙක් වගේ නන්ද ඒ දෙන්නගෙන් ප්‍රශ්න ඇහුවා."

"අපිට කවුරුත් මග පෙන්නන්නෙ නැත්තං අපි ඒක හොයාගන්න ඕන. අපිට කවුරුත් උගන්නන්නෙ නැත්තං එකට දෙකක් මහන්සි වෙලා ඉගෙන ගන්න ඕන" 

"මිනිස්සු මැරුණට යාළුකම ඉතුරු වෙනවා" 

"අනික, කෙනෙක් කවුද යන්න දැන ගැනීම යනු නමක් දැන ගැනීමම නොවෙයි නේද?" 


Thursday, August 27, 2020

~𝐃𝐢𝐥 𝐁𝐞𝐜𝐡𝐚𝐫𝐚 𝟐𝟎𝟐𝟎 𝐛𝐲 𝐌𝐮𝐤𝐞𝐬𝐡 𝐂𝐡𝐡𝐚𝐛𝐫𝐚~



 "එයාලා ඔක්කොම මට ආගන්තුකයෝ. මම එයාලටත්. ඒත් මම දන්නෙ නැහැ ඇත්තටම මම එයාලව බදා ගත්තම එයාලගෙ තනිකම අයින් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. නැත්නම් ඒක මගේද?"

"ඔයා ආදරය කරන කෙනෙක් මැරුණට පස්සෙ, ජීවත් වෙනවද නැද්ද කියන එකෙ තියෙන්නෙ ඔයාගෙ අතේ."
"අපි ඉපදෙන්නෙ කවදද මැරෙන්නෙ කවදද කියලා අපි තීරණය කරන්නෙ නැහැ. ඒත් අපිට අපේ ජීවිත ගත කරන්නෙ කොහොමද කියලා තීරණය කරන්න වෙනවා"

(උපසිරැසි - චරිත් ප්රමෝද්ය, ටිලාන් මදුමාල් සහ සසිරි ජයකොඩි)

-අසන්ධිමිත්තා - සමන් වික්‍රමාරච්චි-


 

"..ඔයා මේ තරම් ගිවිසුම්... සහතිකගැන උනන්දු ඇයි? සහතික කියන දේවල් අපේ ජීවිත්වලට එච්චර අදාළ නෑ"


"මම මගෙ වම්පස හිස්කම දරාගන්න බැරිව ආයෙමත් කවුළුවෙන් එපිට ලෝකය දෙස බැලුවා."

"බලාගෙන ගියාම කෙනෙකුගෙ ශරීරය කියන්නෙ හිර කූඩුවක් තමයි. අපිට ජීවිතාන්තය තෙක්ම ඒ කූඩුවෙ හිර වී සිටින්නට නියමිත වෙලා තියෙනවා."


"පුරන් වෙච්ච වෙල් යායක් පොල් රුප්පාවක් හම්බ වෙනකම් ඈතට දුවනවා"

"... ඔහු කීවෙ අපි මුවින් පිට කරන වචන සහ ඇත්තටම අපට කීමට අවැසි දේ අතර වෙනසක් ඇති බවයි."

"උන් හැමෝම මගේ සරුවාංගෙට ඉරිසියා කළා. ඇනුම්පද කිව්වා. මාව කොන් කළා. අවට ලෝකයට වෛර කරන්න ඉස්සරෝම ඉගැන්නුවෙ අක්කලා."

“ඇග පුරාම හොරි හැදිච්ච හිගන්නාක් පාරෙ වැටිලා හිටියට කවුරුත් බලන්නෙ නැහැ. හැබැයි ඒ මිනිහා මහ පාරෙ මැරුණොත් කවුරුත් වට වෙනව මිනිය බලන්න. පොලිසිය නඩුකාරය හැමෝම එනවා. මැරුණෙ කොහොමද හොයන්න කපලත් බලනවා”

“... ඒ වාක්ය කිහිපය එතන තිබුණ පරිසරය වෙනස් කලා. කොටින්ම ගස්වල මල් පිපුණා. හීන් හීතල මද පවනක් හමාගෙන ගියා. වැහ්ලා තිබුණ ගෙයි දොරවල් ජනෙල් එක පාරටම සට පට ගාලා ඇරෙන්නයි වැහෙන්නයි පටන් ගත්තා.”


𝘼𝙧𝙩𝙞𝙘𝙡𝙚 15 (2019) 𝙗𝙮 𝘼𝙣𝙪𝙗𝙝𝙖𝙫 𝙎𝙞𝙣𝙝𝙖


 

"වීරයෙක් ඕන නෑ අයාන්, මට ඕන වීරයෙක් එනකම් උඩ බලං නොයින්න පිරිසක්"

"- හැම දේම සම සමව තියේනම් රජෙක් මොකට කවුරු වෙන්නද?
-ඒත් රජෙක් හදන්නේ මොකටද?"
"...... අපි හිංසාව කියන පාරේ යන්න ගත්තු දවසේ ඉඳන් ඒ අයට අපිව මරණ එක ඔක්කොටම වඩා ලෙසි වෙනවා."
"කෙනෙක් තමන්ගේ හඬ අවදි කරන්න හදනවනම් ඒ කෙනාව දේශයේ ආරක්ෂාවට තර්ජකයෙක් වෙනවා. ඒ නිසා මරලා දානවා."
"ගින්නක් ගන්නකොට උදාසීනව ඉන්නවා කියන්නේ සර් එක පත්තු කරපු අයගෙම පැත්තෙ හිටගෙන ඉන්නවා කියන එකනේ."
"ජීවිතේදි ලැබෙන්නයි නැතිවෙන්නයි සම්බාවිතාව 50 ට 50 තියෙන්නේ සර්, මට හිතෙනවා ලැබෙන 50 ප්රතිශතේ ගොඩක් ලොකුයි කියලා."

උපසිරැසි : බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් තාරක නුවන් දිල්හාර

Tuesday, August 25, 2020












ඉරේ ගිනියම වැදී දැවී ගිය හදවතක්

වදනකින් සනහන්න හැකි එකම සඳවතක්


නුඹට ගිම් නොදැනේද

දැනිත් නොකියා නේද


මගේ ගිනි නිවලාම 

නැද්ද හති වැටිලාම


අල්පෙනිති තුඩකවත්

හිදැස් නොතියන නමුත්


තුතියි නොකියම ඉන්න

ඇතිවාද මට ඉඩක්.....

~පුරූ~

ඡායාරූපය - Pinterest වෙබ් අඩවියෙන්


Saturday, August 1, 2020

මාගම් සෝලිය - මොහාන් රාජ් මඩවල

"ධර්මය ඉගෙන ගන්නවා කියන්නේ ලෝකය ඉගෙන ගන්න එක... ජීවත් වෙන්න තේරුම් ගන්න එක..."

"එහෙත් එහි ඛේදනීය බව කෙතරම්ද යත් සුරඹා කමව කවදාවත් සිය පුතා නොදුටු අතර ඔහුගේ පුතා ද කවම කවදාවත් සිය අප්පුච්චා දැක තිබුණේ නැත. උනුනුන් නොදුටු මේ දෙදෙනා සංසාර කාලයක් උනුනුන් හොඳට දන්නා විදිහට එකට හිඳ එකට මියගොස් එකට මිහිදන් වී තිබුණේය"

"දෙදෙනාම දෙදෙනා ගැනම ආදරයෙන් වෙළී සිටි අතර එගි දිග පළල අනෙකාගේ හිත් තුළ හඳුනාගන්න දෙදෙනාම උත්සාහ කරමින් සිටියහ. ඒ ආදරය හැර සියල්ල හිස් බවත්, එයම ජීවිතය ජීවත් කරන බවත් එය හඳුනාගානීමම වචනයෙන් විස්තර කළ නොහැකි සමාධි සුවයක් බවත් දෙදෙනා තේරුම් ගනිමින් සිටියහ."

"... මෙවර ඈ මියගිය විට ඔහු කෙතරම් ඒ ගැන සැක කළාද කීවොත් ඔහු ඒ හුස්ම ගිය මිනිය දෙපැත්තෙන් දෙදෙනෙකු ලවා කර තියා නැගිට්ටවාගෙන පැය කීපයක් මිදුලේ ඇවිදින්න සැලැස්සුවේය."

"සති දෙකකට වරක් තඹ සල්ලි මුට්ටිය බැගිනුත් මාස දෙකකට වරක් රිදී කාසි මුට්ටිය බැගිනුත් ලෙස පොඩිනා තඹ සල්ලි සහ රිදී කාසි කෙතරම් මුට්ටි ගාණක් කැලේ වළ දැම්මාද කීවොත් අන්තිමට ඈ එසේ වළ දමන තැන් මතක තියාගන්න එකත්, ඒවා ගණන් තියාගන්න එකත් අත් හැරියාය."

"අනෙක් අතට තම තමුන්ගේ පෞද්ගලික උවමනා එපාකම් වලට සාස්තර පේන අහන එකත්, පෞද්ගලික එදිරිවාදිකම්වලට හදි හූනියම් කරන එකත් යට ගොස් ඉංග්‍රීසීන්ගේ මේ හිංසාකාරී පාලනයෙන් මිදීමේ පොදු අරමුණකට සියල්ලන්ගේම අවධනය යොමු කර තිබූ නිසා මිනිස්සුන්ට ඒ ගැන හිතන්න වෙලාවක් තිබුනේ නැත."

"...මිනිසුන් තුළ සහජයෙන්ම පවතින ජීවත් වීමේ ආශාව සිය ඇස් දෙකෙන් අත් විඳ තිබුණාය. බෝවෙන ලෙඩේ හැදී මරණය අබියස දඟලන ඔවුන් කෙතරම් ජීවිතයට ආදරය කරනවාද කියා ඈ ඔවුන්ගේ මලානික ඇස් වලින් හඳුනා ගත්තාය. කිසි විටෙක තම ධෛර්‍යය අත නොහළ ඈ සැබැවින්ම මිනිසුන්ට මරණය පරාජය කළ හැකි බව තරයේ විශ්වාස කළාය. එසේම ඒ විශ්වාසය රෝගයෙන් ඔත්පළ මිනිසුන්ගේ හිතට ආත්ම ජීවයක් රෝපණය කළාය."

Thursday, July 23, 2020

සායනික සටහන් නොවේ - වෛද්‍ය බෝධිනී සමරතුංග

ඈත දුරක සිටින නාඳුනනන්ගේ සිට මෑත සිටින අඳුනන්නන්ගේ අනාදරය නිසා කඳුළු බොන මිනිසුන්ගේ කඳුළු පිස දැමීමට ආදරය පමණක්ම ප්‍රමාණවත් ය.
~පුරූ~

…………………………………………………………………



"ප්‍රශ්නය අපට සිදු නිවුණු නිසා අපිට දැනෙන ප්‍රමාණය වෙනස්ද?"

"මිනිසුන්ට ජීවත් වීම ගැන කියා දෙන්නත්, ජීවිතයේ අගය ගැන "ලොරි ටෝක්" දෙන්නත් හැකි වුණාට, ඔවුන්ගේ ප්‍රශ්න හෝ දුක් කන්ද විසඳන්න ක්‍රමයක් අප දන්නේ නැති නිසා අපව කම්පනයට පත් කරනවා"

"සියල්ල ඉවසාගෙන කරනවා ඇරෙන්න විසඳිමක් නොදෙන සමාජයක අවසන ඔවුන් පුපුරා යෑමට ඉඩ ඇත"

""ඔබ බෞද්ධ නිසාද ඉවසන්නේ?" කියා එක් තරුණියක කතා අතරෙන් අහනවා. "ඉවසීමට ආගමක් නැතැයි" මා ඇයට කියා දුන්නා"

"War happens when language fails"

"බෙදී මියයන එකට වඩා එක්ව ගොඩ නැගෙන එක හොඳ බව මා උගත් දහමයි" 

"දරුවා පරීක්ෂා කරද්දී එයා මගේ ග්ලවුස් දැමූ අත අල්ලා ගත්තා හරි හයියෙන්"

"මම ලොකු වෙද්දි, මට දැනෙද්දි මේ ජීවිතේ හැටි මේ ලෙඩෙන් ගැලවිල්ලක් නැති හැටි... සාමාන්‍ය ජීවිතයක් නැති හැටි මට කලකිරුණා. මම දිවි නහ ගන්නත් හිතුවා"

"මම ඒකෙන් තේරුම් ගත්තා, යම් කිසිදෙයක් ගැන අපි හිතන්නේ නැත්නම්, අපට තේරෙන්නෙ නැත්නම්, අපිට දැනෙන්නේ නැත්නම්, අපි ඒ ගැන වද වෙන්නේ නෑ නේද කියලා."

"අපි අද ජීවත් වෙන සමාජය කිසිම විටෙක අනෙකා කෙරෙහි සංවේදී නොවන තැනක් බවට පත් වෙලා, අනෙකාගේ දුක කරදරය වෙනුවෙන් සහකම්පනය නොවන අය බවට පත් වෙලා. අනුන්ගේ හිත් රිදවන, දුකට පත් කරන සමාජයක තමයි අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ."

"ඕනෑ තරම් ස්ත්‍රීහු බඩේ කැක්කුමට බෙහෙත් ගන්නට බාහිර රෝගී අංශය වෙත පැමිණ, එසැණින් හදිසි ප්‍රතිකාර ඒකකයේ හෝ, අප වාට්ටුවට ගෙන එද්දී ට්‍රොලිය මත හෝ, ත්‍රීවීල්වල දරුවන් ප්‍රසූත කරති"

"හිතක සිතුවිලි තමන් කෙරෙහි නතු කරගෙන ජීවත් වීම සඳහා අප්‍රමාණ වූ වෙහෙසක් දරා බැරි තැන අතැර යන්නෝද බොහෝ ය." 

 "කමක් නෑ ඩොක්ටර්, මට මෙහෙම වුණේ, ගිය ආත්මෙ මාත් දරුවො දාලා යන්න ඇති... මම දැන් මගේ පව් ගෙවලා ඉවර කරනවා. එතකොට මට එන ආත්මෙ හොඳ තාත්තෙක් ලැබෙනවා"

"ඒත් අම්මලා තාත්තලා එහෙම මැරෙන දරුවන්ට නමක් තියලා, නම රෙජිස්ටර් කරලා, පෙට්ටියක දාලා මිහිදන් කළ යුතු වුණා." 

"නීති තිබිය යුත්තේ මනුෂ්‍ය ජීවිත වඩා සාරවත් සැපවත් කිරීමටය"

"දරුවන්ගේ සිත් මල් වගේ. ඒ මල් කැකුළු කඩා පොඩිකර දමන්නේත් ඔවුන්ගේ සිත්වලට කැළිකසල එකතු කරන්නේත් වැඩිහිටියන්. තමන්ගේ දරුවාට වඩා හොඳින් වැඩකරන දරුවන් කෙරෙහි ද්වේෂයෙන් පසුවම ඔවුන් තමන්ගේ දරුවා හදාගන්නට, උනන්දු කරන්නට වෙහෙස නොවී අනෙක් දරුවාගේ ඉගෙනුම කඩාකප්පල් කරන්න වෙහෙසෙනවා. මේ තරඟය ඉවර වෙන්නේ කවදාද?"

"මේ රට හැදෙන්නෙ නෑ හදන්න බෑ කියමින් පිට රටවලට පලා යනවාට වඩා අපේ පරම්පරාවේ සිට හෝ මේ රට අපෙයි අපේ රට අපි ගොඩ නැගිය යුතුමයි කියා අප සිතිය යුතුය."

"හැමදේම නිර්මාණය වෙන්නේ හිතේ. තමන්ට ගෝචර නොවන සැණින් දරුණු හැසිරීමක් දක්වන, අනෙකා පීඩාවට පත්කරනසුලු සිතිවිලි තුළින් ඇතිවෙන්නේ ගැටීම් පමණයි. යුද්ධයත් එහෙමමයි"

""පහසු මඟ දෙවි කෙනකු වීම නිව දෙවි කෙනකුයැයි සිතා ගැන්මය. සිතා එලෙසින් දිවි ගෙවීමය" යනුවෙන් මහගම සේකටයන්ගේ ප්‍රබුද්ධ පොතේ කවියක සඳහන් වේ." 

"එකිනෙකාට විවෘත වූ සමාජයක් සැදුණේ නම් අද වන විට අසල්වැසියා කෙරෙහි සැකයෙන් කෝපයෙන් බලන්නග තරම් මේ සා විනාශයක් සිදුවෙයිද?"

"ජීවිතේ අපිට එක එක කාලෙට එක එක විදිහේ තෝරාගැනීම් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒ තෝරාගැනීම් එක්ක අපිට කොහොම හරි ඉන්න වෙනවා. ජීවිතේ කියන්නෙ අපේම තෝරාගැනීම් අනෝජා, ඒ නිසා ඒවායෙන් ලැබෙන දේත් අපේ තෝරාගැනීම්ම තමයි"