Thursday, July 23, 2020

අපරාධය සහ දඬුවම : අනුවාදය - දැදිගම වී. රුදිගු (Crime and Punishment by Fyodoor Dostoevsky)

"පෝරකයට ගෙන යනු ලබන මිනිසා, මාර්ගයේ තමාට හම්බ වන විවිධ වස්තු අරබයා සිට්ගමින් ඒවාට ඇලෙතියි කීම සත්‍යයක් විය යුතුයි" 

"දුප්පත්කම දුර්ගුණයක් නොවේ. මොනවා උනත්! වෙඩි බෙහෙත්වලට අමනාපය වාවා ගන්නට බැරි බව ප්‍රසිද්ධ කරුණක්" 

"පෙර තේමාවන් සහ ජවනිකා ගැන පෙර මෙන්ම සිතීමට හැකි යැයි යන අනුමාන සහ සැබෑ සිතිවිලි හේ සිතින් මවා ගත්තේය    එය ඔහුට යම්තමින් හෝ සිනාසීමට අවස්ථාවක් නොදුන අතර වේදනාවෙන් පපුව තෙරපාලීය." 

"දැන් ඉතින් මා කුමක් කළ යුතුද? හරියට ඕනෑවට වගේම, මට අමතක වුණා. මේ දැන් මතක තිබුණා. ආයෙමත් අමතක වුණා." 

"බොරු කියන විට මම කැමතියි. අනිකුත් ජීව ප්‍රාණීන් ඉදිරියේ මිනිසා සතු එකම වරප්‍රසාදය බොරු කීමය. බොරුව ඔස්සේ ගියාම සත්‍යයට ළං වීමට පුළුවනි! මම මිනිහෙකු නිසයි මම බොරු කියන්නේ. බොරු දාහතරක් නැත්නම් එකසිය දාහතරක් ඔස්සේ ගියාම තමයි, සත්‍යයට ළං විය හැක්කේ. එවිට එය එක්තරා විදියක ගෞරවයක්. අපිට අප සතු නුවණ මෙහෙයවා බොරු කීවට කමක් නැහැ. නමුත් එය ස්වයං ආකාරයට කළ යුතුයි. ස්වයං ආකාරයකට බොරු කීම අනුන්ගෙන් කොපි කර ගත් ඇත්ත කියනවාට වඩා හොදයි. පළමුවන අවස්ථාවේදී නුඹ මිනිහෙක්, දෙවන අවස්ථාවේදී නුඹ නිකම් ගිරවෙක් විතරයි!" 

"යතුරු දමා වැසීමට තරම් දෙයක් නැති උදවිය වාසනාවත් අය නොවේද?" 

"හෘදය සාක්ෂිය ඇති මිනිහා ඔහු කළ වැරදිවලට වන්දි ගෙවිය යුතුයි. ඔහු වරද පිළිගන්නවා නම්, එය තමයි ඔහුට ලැබෙන දඬුවම, සිර දඬුවම හැර"

"ඈ සාධාරණත්වය හියනවා..ඈ පවිත්‍රයි! හැම දෙයකම සාධාරණත්වයක් තිබිය යුතු යැයි ඈ විශ්වාස කරනවා. ඒ වගේම ඉල්ලා හිටිනවා. ඇයට වධ දුන්නත් ඇය අසාධාරණ ලෙස ක්‍රියා කරන්නේ නැහැ. මිනිසුන්ගෙන් සාධාරණත්වයක් බලාපොරොත්තු නොවිය හැකි බව ඈ දන්නේ නැහැ. ඒ නිසා ඈ කුපිත වීමට හසු වෙනවා." 

"ඔහු වහා හිස ඔසවා ඇය දෙස බැලීය.එහෙත් ඔහු දුටුවේ ඇගේ කලබලකාරී සහ වේදනාව දක්වා වූ සැලකිල්ල සහිත බැල්මය. එම බැල්මෙහි ආදරය තිබිණි. ඔහුගේ වෛරය අතුරුදහන් වූයේ හිරු දුටු කදෝපැණියන් සේය." 

"ඇගේ එම නෂ්ටාපේක්ෂ බැල්මෙන් ඇයට අවශ්‍ය වූයේ තමාට කිසියම් අවසාන බලාපොරොත්තුවක් එහි තිබේද යන්න සොයා දැන ගැනීමටය. එහෙත් කිසිදු බලාපොරොත්තුවක් එහි නොවීය. කිසිදු සැකයක්ද නොතිබිණි." 

"මා මෙතරම් නොවටිනා මිනිහෙකු වෙද්දී ඔවුන් මට මෙතරම් ආදරය කරන්නේ මොකටද?" 

"පාලන බලය ජන්ම උරුමයෙන් නොලැබුණු, එහෙත් එය බලෙන් උදුරා ගත් මිනිස් සංහතියේ බොහෝ සුබසාධකයින්ගේ ප්‍රථම පියවර සාර්ථක වූ නිසා ඔවුහු නිවැරදි වූහ. මගේ ප්‍රයත්නය අසාර්ථක වීම නිසා එවැනි දෙයක් කිරීමට මට අයිතියක් නැතැයි යන්න ඉන් තේරුම් යයි" 

"ඇය හැමදාම තම අත ඔහු වෙත දිගු කලේ බයාදු ලෙසිනි. සමහරදාට ඇය කොහෙත්ම එසේ නොකලේ ඔහු ප්‍රතික්ෂේප කරතියි යන බියෙනි" 

"නව ජීවිතය ඔහුට ලැබෙන්නෙ හුදු තිළිණයක් හැටියට නොවන බවද, එය මහඟු දෙයක් සේ මිලදී ගත යුතු බවද, එයට ශ්‍රේෂ්ඨ සහ වීර ආධ්‍යාත්මික වික්‍රමයකින් ගෙවිය යුතු බවද යන්න ගැන පවා හේ නොදත්තේය.." 


No comments:

Post a Comment