"එක ඇසක්, ලැබෙන ප්‍රතිලාභය දෙස අවධානය යෙදවීමට භාවිත කළාම, ඔබගේ අරමුණ දිහා බලන්නට ඉතිරි වන්නේ තවත් එක ඇසක් පමණයි"
"ගහේ අත්ත දිගේ යන්න යන්න, බිමට වැටෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. නමුත් හැම ගෙඩියක්ම හැදෙන්නේ අතුවල විතරයි"
"සාකච්ඡාව ඉදිරියට මෙහෙයවනු ලබන්නේ ප්‍රශ්න විමසන්නා විසිනි"
"මනුශ්‍ය ස්වභාවයේ බලවත්ම මූලධර්මය වන්නේ අගය කරනු ලැබීමට ඇති ආශාවය. ඔබ කවුරුන් වුවද,ඔබ තරුණ පාසල් ශිෂ්‍යාවක හෝ ළදැඩි කම්කරුවකු වේවා. මේ පෘථිවිය මත සිටින සෑම පුද්ගලයෙකුගේම දැවෙන ආශාවක් වන්නේ හොඳින් සලකනු ලැබීමට ඇති දැඩි කැමැත්තය"
""බියට පත් වූ ආත්මයක් ඇත්නම් කළ හැකි දේ ඉතා කුඩාය" ෆ්ලෝරන්ස් නයිටිංගේල්"
"හැම දවසක්ම විශේෂයි. ඒවා කුඩා ආශිර්වාදවලින් සමන්විතයි."
"ඔව් මම එර් කාලේ ඇති තරම් සල්ලි හෙව්වා තමා. ඕනෑම කෙනෙක් හීන මවන බොහෝ දේවල් මට හිමිවුණා. ඒත් මට සතුටක් තිබුණේ නෑ මට හිස්බවක් දැනුණා. ඉතින්, දැන් නම් මට තියෙන්නේ මගේමය කියලා බොහොම පොඩි දේවල් ටිකක් විතරයි. නමුත් දවසක් පාසා මතුවෙන විශේෂ දේවල්වලින් මම දැන් සතුටු වෙනවා"
"වැලි දෝතක් වගේ කාලය අපේ ඇඟිලි අතරින් රිංගා ගලා යනවා. ඒක ආපසු කවදාවත් එන්නෙ නෑ. ඒ නිසා ජීවිතය තුළින් ගමන් කරන අතර, ඒක වැළඳගෙන, රස විඳින්නට එඩිතර වෙන්න"
"පැහැදිලි අරමුණක් තිබීම තරම් හොඳට මානසික උත්තේජනයක්, අවධානය යොමු කිරීමක් සිදුවන වෙන කිසිවක් නෑ. තමන් යන්නේ කොහාටද, තමන්ගෙන් අපේක්ෂා කරන්නේ මොනවාද යන කරුණු මිනිසුන් දැනගත් විට ඔවුන් තම වගකීම් සම්පූර්ණ කිරීමට කටයුතු කරාවි"
"ඔබට කෝපය එක මොහොතකට දරා ගත හැකි නම්, දවස් සියයක කනස්සල්ලක් වළක්වා ගත හැක"
"හදවත මෙන්ම මනස ද ගමන් කරන්නේ ඒවාඅගය කරන ස්ථාන වෙතටය"
"රළු බව පරාජය කළ හැක්කේ මෘදු බව මඟිනි"
"සියළු ක්‍රියාකාරකම් ඇරඹෙන්නේ විවේකය තුළිනි; මෙය පරම සත්‍යයකි"
"ස්වයං පුනර්ජීවනයක් කිරීම සඳහා කාලය වෙන් කිරීමට නොහැකි වීම යනු ඔබ බොහෝ කාර බහුල බැවිල ඔබේ වාහනයට ඉන්ධන පුරවාගැනීම සඳහා එය නැවැත්වීමටවත් කාලයක් නැතැයි කීමක් වැනිය."
"වෙනත් කිසිවකු නොකියවූ දෙයක් හැම දිනකම කියවන්න. වෙනත් කිසිවකු නොසිතන දෙයක් හැම දිනකම සිතන්න. ඒකමතිකව සිටින්නන්ගේ කොටසක් බවට පත්වීම, නිතරම මනසට අහිතකරය" ක්‍රිස්ටෝපර් මෝර්ලි
"එදා කුඩා විය ගෙවූ 'මම' නමැති ළමයා, අද සිටින වැඩිහිටි 'මම' ගැන සිතනු ඇත්තේ කුමක්ද?"
ශ්‍රේෂ්ඨත්වය නම් ඔබ සමඟ අවසන් නොවන යමක් ආරම්භ කර නික්ම යාමය"
No comments:
Post a Comment