Saturday, June 13, 2020

අම්මා සහ මිහිකත - දැදිගම වී. රුද්‍රිගු පරිවර්තනයක් (Mother Earth By Chingiz Aitmatov and James Riordan)


"ඉඩම් සහ ජලය සමාන ලෙස බෙදා දෙනවා නභ්, අපට අපේම කුඹුරක් ලැබෙයි නම්, සී සෑමට, තිරිඟු වැපිරීමට සහ අපේ තිරිඟු සුද්ද කර ගැනීමට අපට ඉඩ කඩ ලැබේ නම්, අන්න එය තමයි අපේ වාසනාව තල්ගනායි, එයට වඩා වැඩ වාසනාවක් කෙනෙකුට අවශ්‍ය නැහැ. ගොවියාගේ වාසනාව රඳා පවතින්නේ ඔහු වපුරන සහ කපා ගන්නා ප්‍රමාණය අනුවයි"
"යහගුණය මහ පාරේ තියෙන දෙයක් නොවෙයි. එය අහම්බෙන් අහුලා ගන්නට බැහැ. යහගුණය එක් මිනිහකු අනිකාගෙන් ඉගෙන ගන්නවා"

"හැම දෙයක්ම යුද්ධයට අයත් විය. අපේ ජීවිත, අපේ ශ්‍රමය, අපේ අභිප්‍රාය පමණක් නොව,පොඩිත්තන්ගේ කැඳ කෝප්පය පවා යුද්ධයට අයත් විය. නොසිඳෙන කුසගින්නන් පෙළෙන මහා රකුසකු බඳු යුද්ධයට ඉතාම කුඩා දෙ පවා බිලි දීමට සිදු විය. එහෙත් තඹයකදු යුද්ධයට දීමට අකමැති මිනිස්සු සිටියහ. එවැන්නන් හිටි බව සැඟවීමට අවශ්‍ය නැත. ඒ විතරක්ද ඔවුහු අපේ ආහාර කොටසෙන් පවා පංගුවක් උදුරා ගත්හ."


"කොතරම් පුදුමයක්ද, මිනිහකුට ජීවත් වීම සඳහා අවශ්‍ය වන්නේ කොතරම් සුළු ප්‍රමාණයක්ද! සමහර විට මළවුන්ගෙන් යළි පණ ලැබීමට ඔහුට අවශ්‍ය වන්නේ දයාව පිරි එක් වචනයක් පමණකි"

No comments:

Post a Comment