Saturday, June 13, 2020

ඔබ නැතිව ඔබ එක්ක - You without you (ප්‍රසන්න විතානගේ සිනමා නිර්මාණයක්)


"ඔයාව දැකපු මුල්ම දවසේ ඉඳල මම ඔයාට ආදරය කළා. මම ඉස්සෙල්ලම දැක්කෙ මේ ඇඟිලි... ඊට පස්සෙ මේ ඇස්..."


"ඇයි ඔයා මට මෙහෙම කළේ... ඔයා කැමති ඕනැම කෙනෙක් එක්ක ඔයාට යාළු වෙන්න තිබුණ... ඔයා එක සැරයක් හැරිල මා දිහා බලල හිනාවුණා නං..."

"මට ඔයාගෙ හීන ගැන දැනගන්න ඕන උනේ නෑ. ඒ හීන මගේ හීන වලට හරස් වෙයි කියලා මම හිතුවා."

"-මම හම්බෙන්න කලින් ඔයා මොකද කලේ?
--මුකුත් නෑ
--ඔයාට කවුරුත්ම හිටියෙ නැද්ද?
--නෑ
--ඔයා මං ගැන මුකුත්ම අහන්නෙ නෑ නෙ
--මොකටද"

"ඔයාගෙ ආදරේට මම බය උනා. මම නිශ්ශබ්ද උනා"
"මගෙ ඇස් රිදෙනකල් මම ඔයා දිහා බලාගෙන හිටියා"

"මං ඔයාගෙ දැක්කෙ මං දකින්න කැමති දේ විතරයි"

"මොනවහරි කියන්න. අපි කතා කරමු. ඔයා මට ආදරෙයි කියනකං මම මෙතනින් නැගිටින්නෙ නෑ"



https://www.bbc.com/sinhala/sri_lanka/2015/10/151011_sp_oba_nathuva_film_review



"ඇත්තෙන්ම ස්‌වකීය සිනමා පට අතලොස්‌ස හරහා ප්‍රසන්න වැඩිපුරම වෑයම් කළේ නොයෙක්‌ මනුෂ්‍ය සබඳතා මුල් කර ගන්නටය. වරෙක ඊට යටින් ඇති තතු විවරණයටය. සත්‍ය හා මිත්‍යාව අතර ඇති කෙස්‌ ගහක පරතරය හා යොදුන් ගණනක පරතරය ගැනත්, පසු තැවීමක දිග පළල කොතරම් දැයි යන්න ගැනත්, යථාර්ථය හා ප්‍රාර්ථනා අතර නොපෑහීම් ගැනත්, අතීතයෙන් ගැලවිය නොහැකි වර්තමානය ගැනත් පවසනු පිණිස සිනමානුරූපීව මැදිහත් වූ ප්‍රසන්න යළිත් එබන්දකට සූදානම් වන සැටියක 'ඔබ නැතුව ඔබ එක්‌ක' හිදී පෙන්නුම් කරයි"
" 'ඔබ නැතුව ඔබ එක්‌ක' සරත්සිරිගේ හා සෙල්විගේ ජීවිත පිළිබඳ විවරණයක්‌ සේ ලඝූ කරන තැනකට ගමන් කරන සෙයක්‌ නොපෙනේ. නොඅනුමානව ම එය ගමන් කරන්නේ මනුෂ්‍ය සබඳතා ජාලයේ පොදු සාධක කරාය"
"විශිෂ්ට සිනමාපටයක්‌ පැවතිය යුත්තේ ජීවිතයෙන් පරිබාහිරව නොවේ. කවර අන්දමකින් හෝ එය ජීවිතයේ කොටසක්‌ බවට පත් කර ගත යුතු වෙයි."
"කොහොමත් ඔබ නැතිව ඔබ එක්‌ක හි දේශපාලනික කියෑවීම එහි යටි පෙළ අරුත සේ පැවසීමේ සම්ප්‍රදායික පිළිවෙත නොපිළිගැනීම සත්තකින්ම සප්‍රයෝජනවත් වේ. විටෙක ඔබ නැතුව ඔබ එක්‌ක මනුෂ්‍ය සබඳතා ජීවිතය තුළ දොaලනය වන අන්දම සූක්‍ෂමව අවධාරණය කරනු පිණිස ගත පියවරක්‌ සේ හඳුනාගැනීමට පුළුවන"

https://www.divaina.com/2015/09/18/cineart04.html


"තනිකඩ සරත්සිරි, .. මේ කවුළුව අසලට වී ඔහුගේ අනාගත සිහිනය, නිල්-කොළ මිශ්‍ර පැහැයෙන් දිලෙන තේ වත්ත, දෙස බලා සිටියි" ... "ඇය පිටව ගිය වහාම දිවගොස් ඉහළ මාලයේ කවුළුව වෙතින්, සිය අනාගතය දකින කවුළුව වෙතින්, ඔහු ඇය සොයයි."

"සමථකරණය ගැන පාලනය කෙතරම් වහසි බස් දෙඩුව ද මනස් අභ්‍යන්තරයෙහි සැඟවුණු භ්‍රාන්තියෙන් යම් පුද්ගලයකු ගලවාගෙන ඔහු හෝ ඇය යළි තත්‍ය ලොව තුළ පිහිටුවීම අති දුෂ්කර කටයුත්තකි. තිස්වසරකට ආසන්න කාලයක් අප මුහුණ දුන් සිවිල් යුද්ධයේ කම්පනය තවත් දිගු කලක් සැඟවී සෙල්විලාගේ සරත්සිරිලාගේ අල්මාරි ලාච්චුවලින් හෝ සිහිනවලින් හෝ මතුවනු ඇත. ඒ නැතිනම් ත්‍රීවීලරයක නැගී විත් දොරට තට්ටු කරනු ඇත. 'ඔබ නැතුව ඔබ එක්ක' මේ තත්‍ය ගැටළුව දෙස අපගේ අවධානය යොමු කරවයි."

http://www.boondi.lk/article.php?ArtID=4219

"උකස්කරුවාගේ කුඩා නිවහනේ ඉහල මහලේ ජනේලයක් සංකේතාත්මකව යොදාගන්නේ පවත්නා සමාජයට දොරටුවක් වසයෙනි. සරත්සිරි හා සෙල්වි යන දෙදෙනා ම ලෝකය දකින්නේ මේ ජනේලය තුලින් වුව ද ඔවුන් සංජානනය කරන්නේ එකිනෙකට වෙනස්, ප‍්‍රතිවිරුද්ධ පවා වන යථාර්ථයන් දෙකකි. සරුසාර පලා පැහැය, උදා හිරු කිරන හෝ ගී ගයන කුරුල්ලන් දැකීමට හෝ ඇසීමට අපොහොසත් වන සරත්සිරිට පෙනෙනුයේ යම් දිනක මිලයට ගැනීමට අදහස් කරන ඉඩම් කැබැල්ලක් පමනකි. යුද්ධයෙන් තදබල ක්ෂතියට පත් ව සිටින සෙල්වි පැය ගනන් එම ජනේලයෙන් ම ක්ෂිතිජය දෙස බලාගත්වන ම සිටී."

https://www.wsws.org/sinhala/2014/2014jul/with-22j.html

No comments:

Post a Comment