Saturday, April 25, 2020

සඳුන්ගිර ගිනිගනියි - සුනේත්‍රා රාජකරුණානායක


"බත් ඉදෙන කල් බලාගෙන හිටියට නිවෙන කල් නං ඉන්න බෑ, කට පිච්චි පිච්චි කාලා අහවර වුණහමයි දුක් හිතෙනෙ ටිකෙන් ටික කෑවා නං කියලා." 

"ඒ බේත් වලට කකුල වතුරට තෙමන්න එපා කියනවා. කාට පුළුවන් ද වතුරට නො තෙමී දොළෙන් එගොඩ වෙන්න?"

"කොහොමටත් බඩ පිරුණු වෙලාවට ගෙදර අත් ඇරලා යන්න හිතෙන්නෙ නැහැ." 

"කොච්චර හොඳ මිනිස්සු උනත් තමන් ගැන හිතලනෙ අනුන් ගැන හිතන්නෙ" 

"වෙලාවකට මට හිතෙනවා මට ම ටොක්කක් ඇනගන්න. ලෙක්චර්ස් කට් කරලා රවුං ගහන එක මෝඩයි තමයි.සමහර වෙලාවට මෝඩ වැඩවල පුදුම සතුටක් තියෙනවනෙ" 

"පිස්සු ...ගෑනියෙක් උණහම කසාද බඳින්න එපා යැ. නාකි උණහම වතුර උගුරක් දෙන්න හරි දරුවෙක් මල්ලෙක් ඉන්න එපා යැ" 

"එහෙ උපන්දින වලට කේක් හැදුවම සරසලා ඊට උඩින් ඉටි පන්දම් ගහනවා. තමන්ගෙ වයසෙ හැටියට....
ඉතින් ඉටිපන්දම් ගහලා කන්නෙ කොහොමද?
නෑ.... ඒවා පත්තු කරලා නිවනවා කන්න කලින්...
නිවන්න නං පත්තු කරන්නෙ මොට ද?
කවුරු දන්නවද?" 

"ඒත් ගමේ ඉඳලා මොනවා කරන්න ද? අනිත් අතට කොළඹ ගිහින්‍ ය කියල මොනවා කරන්න ද?" 
....................................................................................................

දෙලොවක් අතර තනි උනාම ඔබ මොකද කරන්නෙ?
එයාද /මෙයාද
ජීවිතේද / මරණෙද
රස්සාවද / පරස්තාවද
ගමද / නගරෙද

ඉන්න ආසම තැන, ඒත් හෙට ගැන කියන්න බැරි ලෝකෙක ඉඳන්
ආසා නැති උනත් වගතුවක් වෙන ලෝකෙට ඇවිත් 
හූල්ල හූල්ල දෙලෝකෙටම නැති තැනක අතරමං උනොත්
ඒකෙ වරද පටවන්නෙ කාටද?

ඔබටම?
ලෝක දෙකෙන් එකකට නැත්තං දෙකටම?
හිටපු ලෝකෙම ටැග් ගැහි ගැහි ඉන්න නොදී ලෝක දෙකක හිර කරවපු ඉරණමට??

~පුරූ~

No comments:

Post a Comment