Monday, March 30, 2020

සිකුරු තරුවෙ නුඹත් ගිහින් මීටරයක් දුරින් ඉඳින්














අත් පටලන් වෙරල දිගේ ඇවිදපු උන් කොහේ ගිහින්
තරඟෙට වගෙ ගෙදර දුවන නර පණුවෝ විසිර ගිහින්
පාළු පාරෙ බැබලෙන්නට ඉරටත් පාළුයිලු ඉතින්
සිකුරු තරුවෙ නුඹත් ගිහින් මීටරයක් දුරින් ඉඳින්

~පුරූ~

Saturday, March 14, 2020

ඒ ගඟම ගලන හැටි


කාත් කවුරුවත් නොදන්න ඉසව්වක
ඒ ගඟම ගලන හැටි පුදුමය
අමාරුම තැනුත් පහුකර උල් හදවත්
ගල් බෝල වෙනවා නියතය
හැංගී හැංගි ඔත්තු බලමින් සින්දු කියනා
මාළුවෝ නම් අල්පය
ඉවුර දෙපසේ කරඹ ගස්වල පිපුණු මල් දෙකක්
ගඟට වැටී හමුවීම වේ ආදරය
-කට්ටා / උද්‍යාන් සම්පත් අමේෂන් ජයසේකර/ ඒ ගඟම ගලන හැටි-

...........................................................................

කාත් කවුරුත් දන්න ඉසව්වෙම ඒ ගඟ ගලනවා කාටත් නොපෙනිම
උල් උල් හදවත් තාමත් නොදුටුව මදහස නංවා පාමින් කෝමල
හැංගී හැංගී ඔත්තු බලන්නට ඉස්ගෙඩියක්වත් හමුවුනු නැති තැන
පාර බලන් හිටි වියළි කරඹ මල ආන්න යනවා තනිවම ගහගෙන
 ~පුරූ~

Thursday, March 5, 2020

නිරිඳු වෙමි මම

නිරිඳු වෙමි මම
අසම සම වන..
දිනූ පින්බිම පාමුලෙහි සිට
දිනූ හිත් මල සියොළඟම සිට
අනෙක් දිනුමක් කුමකටද තව.....
~පුරූ~

සේයාරුව: චරන උඩුගම

Tuesday, March 3, 2020

Already reserved?

හිමිද නැතිද නොදැන මාත්
හීන ලෝක මැව්ව උනත්
ඒ හීනේ පෑරෙන වග
හිතන් හිටියේ නෑ

අඟල් දෙකක් උසට මවපු
හීනෙ ටිකක් හීරුණාම
මේ තරම්ම වේදනයිද
දැනන් හිටියේ නෑ

පෝය ගනන් නොපෑයුවම
අමාවකේ තනි උනාම
කවදාවත් මේ වාගේ
දුකක් දැනිලා නෑ

බැබලි බැබලි ඉන්න හඳක්
කෙස් ගහකින් මුවා වෙලා
මේ තරමට දවන බවක්
දැනන් හිටියේ නෑ

~ පුරූ ~

Monday, March 2, 2020

ඔහොම කීවට නුඹත් අද හෙට මටත් නොකියම යන්න යාවිද
























පස්සෙ බලමුයි කියා කීවත්
කවදා වෙනකන් මග බලාවිද
එපා කියතැයි හිතා හිටියත්
එපා...මයි මට යයි කියාවිද
සිකුරු ලබලා ළඟම ඉන්නා
සිකුරු තරුවට හාද වේවිද
ඔහොම කීවට නුඹත් අද හෙට
මටත් නොකියම යන්න යාවිද


~පුරූ~