Friday, April 22, 2022

හොර හොරෙන් එබිකම් කරපු සඳ








හොර හොරෙන් එබිකම් කරපු සඳ
කාන්තිය විතරක්ම වැටිලා
පුරුදු තාලෙම අල්ලාන හිටි
දියඹ හටනක් කරනවා

පාළොස්වකම අවදියෙනි
තුටින් ඉපිළී කැළඹිලා
අවපසම නෝක්කඩුවෙනි
හඳ හා උරණ වීලා

අමාවකෙ ගිමන් හරී
අර පරණ තාලයටම වැටිලා
හඳ නගින යාමයට
ආයෙමත් එයි යකා වැහිලා

~පුරූ~
 

මලර් නොකී කව

 


 








ඉර සැර තමයි - ගොළුවත තමයි

ලියද්දම වැපිරුවේ මද්දහන මැද තමයි

කෙත පීදෙනා විටම බැස ගියේ ඉරයි
බැත පෑගුවේ අපි හඳ පානෙමයි

වී කරල දැකපු ඉර හඳ දෙකම හඳ තමයි
තුටු වැස්ස වස්සන්න හිටියෙ හඳ විතරමයි

බැස නොගොස් හිටියනම් තෙමෙන්නේ ඉර තමයි
ඒ වැස්ස නොලද වී කරල තාමත් බරයි

~පුරූ~