Saturday, January 8, 2022

පාට - තාරකා වාසමුදලිආරච්චි











"වානර මානවයා දෙපයින් හිටගන්න පුරුදු වුණේ අහම්බෙන් විත්‍තිය ඇත්ත. බඩගින්නෙ කන්න හොයාගෙන යනකොට දෙපයින් හිටගත්තෙ උස ගස්වල අමාරුවෙන් කෙළින් කරගත්ත කොන්ද එහෙමම තියාගෙන අමාරුවෙන් දෙපයින් නැගිටලා ඉන්න පුරුදු වුණා. අද කාලෙ එක එකා ඉස්සරහ සමහරු කිසිම හිරිකිතයක් නැතුව නවන්නෙ එච්චර අමාරුවෙන් කෙළින් කරගත්ත කොන්ද නේද?.."

"............රෝස මල් දෙන කෙනාගෙ අතේ හැම වෙලාවෙම ටිකක් හරි සුවඳ තැවරිලා තියෙනවා ........"

"ඉක්මනින් පිරිමියෙක් හොයාගෙන එයා ගැන තමන්ටත් වැඩිය විස්වාස කරලා එයා තමන්ව තේරුම් අරගෙන නැහැයි කියලා ළතවෙවී ඉන්න එකද, තනිවම මෙහෙම ඉන්න එකද වැඩිය හොඳ ..?"

"නැති සැප ගැන හිතින් දුක් විඳින එක තරම් මෝඩ ක්‍රියාවක් තවත් නෑ......"

"බුද්ධියට ඇස් දෙකක් ඇත. භක්තියට ඇත්තේ එක් ඇසක් පමණකි. එය ප්‍රබල වන විට අනෙක් ඇස අන්ධ වෙයි."

"මාක් ට්වේන් කිව්ව වගේ ඡන්දෙන් ඇත්තටම වෙනසක් කරන්න පුළුවන් නම් පාලකයො අපිට ඡන්ද අයිතිය දෙන්නෙ නෑ."

".....මට ඇත්තේ මිටියක් පමණක් නම් මට හැමදේම ඇණයක් ලෙස පෙනෙන්නට ඉඩ තිබේ..."

"හොඳ සිතුවිලි එක්කම ජීවත් වෙන්න පුරුදු වුණාම නරක සිතුවිලි ඉබේම පැනලා යනවා"

"හිත් කියන්නෙ සැරින් සැරේ වෙනස් වෙන මහා චංචල දෙයක්. ඉතින් කෙනෙකුට තමන් ගත්ත තීරණයක් වෙනස් කරන්න නිදහසක් තියෙන්න ඕන."

"බෞද්ධ දර්ශනයෙ නියම ස්වරූපය බොහෝවිට අපට පෙනෙන්නේ නෑ. හේතුව මොකද්ද සරුව පිත්තල පාට වගයක් එහි තවරන්න සමහරු උත්සාහ කරනවා"

"ගෝර්කි කිව්වෙ මිනිසාට අවශ්‍යතා අඩු වූ තරමට මිනිසා වාසනාවන්ත වෙන අතර අවශ්‍යතා වැඩි වන තරමටම ඔහුගේ නිදහස සීමා වන බවයි."

"හිතන විදිය අනුවනේ හැම දෙයක්ම තීරණය වෙන්නේ."

"ආදරය කෙතරම් බලවත්ද..?
සමානව සැලකීම කොතරම් බලවත්ද.. ?
කොන් නොකිරීම කෙතරම් සැනසිල්ලක්ද.. ?"

"උද්‍යෝගයෙන් තොරව කිසිම දෙයක් මුදුන් පමුණුවා ගත නොහැක"

"මිනිසාට සැප ලැබිය නොහැක්කේ සැප යයි සිතන ද්ව්‍ය මොහොතින් වෙනස් වන නිසා විය යුතුය."

ආනන්ද බෝඩිමේ සැඟවුණු රස කතා - දෙව්සිරි පී. හේවාවිදාන

 











"කොහොමද ඔයැයිගෙ ලව් එක?" යැයි මා ඇසූ විට
"මචං දැන් සියයට පනහක්ම හරි" කියා ඔහු සතුටෙන් උත්තර දුන්නේය. මෙච්චර ඉක්මනට අපේ සහයෙකුට ප්‍රේමයේ වෙළෙන්නට ලැබීම ගැන සතුටට පත් මා ඔහුගෙන් තව විස්තර ඇසූ විට ඔහු මට කොඳුරමින් කීවේ "මචං මගේ සියයට පනහ විතරයි හරි. කෙල්ල තවම දන්නෙවත් නැහැ" යි කියාය

"තමුසෙලා දෙන්නට සියදිවි නසා ගන්න ඕන නම් ගෙදර ගිහින් මැරෙනවකෝ අපට වද නොදී"

"තමුසෙ සනීප වෙලා එනවකො හොඳ දඬුවමක් දෙන්න" මෙය අසන තුවාලකාරයාට ටැක්සිය තුළම කලන්තේ හැදෙයි

"අවස්ථාවක් ලැබුණොත් ඔය ළමයි හරි ගිහිල්ලා එයි සර්"

"අපි ඕකට හොඳ වැඩක් කරමු"

Christmas Oranges 2012 by John Lyde

 







"Anything ca"n be undone if you wish to be so."

අප්‍රකාශිත ප්‍රේමය - තිළිණි එන්. ලියනආරච්චි

 











"රාම, නුඹ රහසිනුත් පවක් නොකර ම බැඳුණා
ඒ උනත් ආදරේ හිස්තැනක් නම් තිබුණා"

"අන්තඃපුර හිමි රජුන් හට වැඳ
ඉතිහාස පොත් පෙරළ පෙරළා
උන් ම හයියෙන් හිනාවූවා
"ඔබ සරාගී ලියකි"කියලා"

"ආදරේ බිංදුවක් මිස
නොපැතූ බව අත, පිළිගන්න"

"ඉඹින්නට බැරි උසක
තිබුණ නුඹෙ හද මඩල
හැමදාම රෑ පුරා
මම වින්ද දුයිශෙන්"

"ජීවිතේ අමාරුම කාලෙත්,
මිල්ටන් මුදලාලි
කෑවෙත්,
ලුණුත් නැති රොටිය.
වෙනසක් නෑ,
දොස්තර කියන්නෙ ම
ලුණු නැතුව කන්න!

ඈත දුර ඈත - ගංගා නිරෝෂණී සුදුවැලිකන්ද

 











"...වැදගත් කාරණේ මේකයි, ඒ හිස්කම පුරවන්න සුදුසු කෙනා, ඔයා හොයන් කෙනා එයා නෙමෙයි කියලා පැහැදිලිව තේරුම් ගත්තට පස්සෙ, ඔයාව ඒ හිස්කම වටේ එල්ලලා තියාගන්න අවශ්‍ය නැහැ. ඒක තමන්වම රවට්ට ගැනීමක්. අනවශ්‍ය කරදරයක්. එයාව අත ඇරලා දාන්න. කෙළින්ම එයාට කියන්න."

"මං හොඳටම වැඩට ඇබ්බැහි වෙලා ඉන්නෙ. ඒකට මගේ අකමැත්තක් නෑ. එතකොට අතීතය අමතක වෙලා යනවා. එක්කො අතීතය ගැන මතක් කරන්න අමතක වෙලා යනවා. ඊට පස්සෙ වෙන කෙනෙකුට කියන්න තරම් ඒකෙ විශේෂයක් නැති බව තේරෙනවා"

"කෑම උයන එකෙන් තවමත් සතුටක් ලබයි කියලා ඔයා හිතනවනං, මගේ යෝජනාව, ඕනවට වැඩිය ඒ ගැන නොහිතා, ඒක නිකම්ම කරගෙන යන්න කියන එකයි. ඒකෙන් විනෝදයක් ලබන්න උත්සාහ කරන්න. ඒ හදන කෑම ගැන හිතන්න. ඒ කෑමට සම්බන්ධ අතීතය ගැන හිතෙන්න එපා."

"ඔයාට කතා කරන්න අවශ්‍යතාවයක් නැති අයත් එක්ක ඔයා කතා කරන්න අවශ්‍ය නෑ තමයි. නමුත් ඒ අයගෙන් පලා යන්න හදන්නත් එපා. ඒගොල්ලන්ට මූණ දෙන්න. නමුත් ඒගොල්ලන්ගෙ අනුකම්පා ඔයාට අවශ්‍ය නැති බව පැහැදිලිව පෙන්නන්න"

"-ඔයා අවදානමක් ගන්න ඕනෙ. හරියට කන්දකින් තව කන්දකට පනිනවා වගේ
................
-බැරි වෙලාවත් මගේ පිම්ම වැරදුණොත්? ඒ කඳු දෙක මැද්දෙ මුහුදක් තිබිලා, ඒකට වැටිලා මාව ගිලිලා ගියොත්?
...............
-ඔයා මේක තේරුම් ගන්න. ...කලබල නොකරන තාක් කල් මනුස්සයෙක්ව වතුරෙ ගිලෙන්නෙ නෑ. සන්සුන්ව ඉන්න තාක් කල් එයාට පුළුවන් දිය මත පාවි පාවි ඉන්න......"

චීන ආප්තෝපදේශ
"සුළඟ සැර වන විට, කෙනෙක් පවුරු සාදති. තව කෙනෙක් සුළං මෝල් ඉදිකරති."

"මුතු ඇට වෙරළේ නොරඳයි. ඔබට මුතු ඕනෑ නම් ඔබ ඒවා සොයා කිමිදිය යුතුය"

"ඔබ සෘජුව සිටගෙන සිටින්නේ නම්, ඇද වූ සෙවණල්ලකට බිය විය යුතු නැත."

"ඉවසීම යනු තිත්ත පැළෑටියකි. එහෙත් එහි ඵල මිහිරිය"

"මල් දෙන අත්වල සදාතනික සුවඳ පොදක් ඉතිරි වෙයි"

කවිකඳුර - සුනේත්‍රා රාජකරුණානායක

 










"යකෝ මහණවෙලා රට හදන්ට තනන කෙනෙකුටත් ඔහොම නං මේ රට කවදා හරි පරදේසින්ටම ගෙහුන් තමා නවතින්නෙ"


"ඔය උපසම්පදාව කියන එක ලැබුනම පුරාණේ හිටියය කියන විදියේ රහත් නමක් වෙන්ට ඕනෑ රහස් කියා දෙනවා වෙන්ටැති"

"හොඳ වෙලාවට මේ උපසම්පදා තහංචිය ආවෙ. නැහ්නං ඉතිං අපිටත් මල්කඳුරෙ එව්වන්ට වඳින්‍ටයි වෙන්නෙ"

" සතුට තියෙන්නෙ කිසිම දේකට ඇලීමක් බැඳීමක්, තණ්හාවක් නැතිව හිටියොත් තමා"

"පිනටත් තණ්හා වෙන්ට නාකයි"

"තරහවක් ඉතුරු කරාන ගියොත් සංසාරේ ආයේ ආයේ මුණ ගැහෙනවා ඒක නිවෙනකල්"

"නිවන් යන්ට කලියෙන් ඔය සේරෝම කරන්ට ලැබෙන්ට කියලයි පතන්නෙ. රෑට හීතලේ තනින්පැදුරේ වැතුරුණාම ඔය හිත් සේරෝම දුක තුනී කරන්ටයි ඕං. එහෙම තණ්හාවක් ආසාවක් නැහ්නං ජීවත් වෙලා මොට ද?"

"මහවාහලට යටත් වෙලා රාජකාරි කිරීමට වැඩියෙන් ගෑනියෙකුට යටත්වෙලා සිටීම අමාරු ය. හිත මුර කරන්ට බැරි වග මයුරවතීට වැටහෙන්නේ නැතුවා ය. මයෙ හිතේ සුවඳි හොල්මන් කරනවාට මයෙ කැමැත්තක් නැතුවා ය. එහෙම ආලවංතකොමකින් ඇතිවෙන දුක දන්නේ එහෙම දුකක් විඳි පිරිමියෙක් ඉතරය."

"සුද්දෝ කාලතුවක්කු තනන්ට දැන ගත්තාට වචනයක් හරියකට කියවෙන ආකාරයකට ලියන්‍ට හෝඩියක් නැතුවා ය."

"ඉංගිරිස් බෙර ගසා, ඉංගිරිස් දෙවියන්ට යාතිකාකොට, ඉංගිරිස් කොඩිය එසවූ මොහොතේ මයෙ පපුව මහත් දුක් ගත්තා ය. ඒක මෙයාකරය කියන්ට අසීරු ය. දෙමාපියන් වාල්කොමට පාවා දෙන්ට වූවා වාගේ වේදනාවක්‍ ය."

"හිරකාරයෙක් ගේ පපුවෙ කියා ගන්ට බැරි දේවල් කොච්චර නං තියෙන්ට බැරි ද? අපිත් ඉතිං උවමනා දේකට ඉතර නෙව ඒ ඇත්තාට කතා කරැව්ව්වෙ."

"දීග ආවට පස්සෙ උණ හෙම්බිරිස්සාව හැදුණාය කියලා වතුර උණු කරලා දෙන්ට කොයි ගෑනියෙකුටවත් කවුරුවත් ඉන්නව යැ."

"උඹ මේ මිනිහා ගැන කරුණාවක් තියේ නං තමං ගැන හිතන්ට කලින් ඒ මිනිහයෙ පණ බේරා දෙන්ට හිතනවා."

"පපුව අඬනකොට පමණටත් වඩා බොරු විහිළු කිය කියා හිනැහෙන්ට තනනවා නෙව."

"ආලය අන්ධ විය හැක. එහෙත් සැබෑ ආලය මහලු වන්නේ නැත."

"නිහඬ ශිෂ්ඨසම්පන්න බව ආත්මය මරා දමන්නකි"

"ඉසබෙල් ලෝක අන්තිමයට මළවුන් ගේ නැගිටීම විශ්වාස කළ අතර මා විශ්වාස තැබුවේ ජීවත්වන්නවුන් නැගිට්ටවීම පිළිබඳව ය."

"මේ දුප්පත් දුඹුරු පාට ගෑනි මට මතක් කරලා දුන්නා ආදරේ කියන්නේ නැව් නැගලා පැනලා යන්න බැරි ගෞරවනීය බැඳීමක් කියලා"

"පීටර් ට තමන් ආදරය කළ ගැහැනිය වෙනුවෙන් අවදානමක් ගන්නට ශක්තියක් තිබිණ. මා දන්නා බොහෝ පිරිමින්ට එවැනි පුරුෂ ධෛර්‍යයක් නැත."

"ඕසෙට මාළු අහුවෙන සන්සුන් මුහුදක් තියෙනකොට මුහුද දෙයියො. සුනාමියකදි මුහුද රකුසා"

"හැමෝම ගෙයක්, රස්සාවක්, ටෙන්ඩර් එකක්, දරුවෙකුට පිටරට ශිෂ්‍යත්වයක්, ආණ්ඩුවෙ මුදලින් නඩත්තු වෙන කාර් එකක් වගේ මොනවා හරි ගන්න ඕනම කපටියෙක් ළඟ දණින් වැටෙන්න සූදානම් පරිසරයක හොඳ නරක පෙනෙන්නෙ නැතුව යනවා."

නෝටි ශාන් - පැතුම් කර්නර්


 










"අපේ අම්මා ද මේ චිමිනි ලාම්පුව වාගේ යැයි මට සිතෙයි. ... සීතල සුළඟින් චිමිනියේ දැල්ල නොසෙල්වෙන්නාක් මෙන්ම ඇය තුළ දැල්වුණු අධිෂ්ඨානය ද නොපසුබට උත්සාහය නම් වීදුරු ආවරණයෙන් ආරක්ෂා වී මොහොතකුදු නොසැලුණේ ය."

"ඇය කිසිදු විටෙක කන කෑම වේල හෝ බොන තේ කෝප්පය ‍රස වින්දනය නො කළා ය. බෙදා ගත් බත් පිඟාමේ ඇති කුමන හෝ දෙයක් අහුලා ගෙන මෙන් කෑ ඇය තේ කෝප්පය බොන්නේ ඇස් උඩට කරකවන් උඩ බලා ගත් වනම කල්පනාවක සිර වෙමින් ය."

"කාන්‍තාවකගේ ලාලිත්‍යය ඇය තුළින් ගිලිහෙද්දී පිරිමියෙකුගේ සවි ශක්තිය ඇය වෙළා ගෙන තිබුණි. ඇයගේ මේ පෞරුෂය තුළ මා හට අම්මා ද තාත්තා ද එක විට දැනෙන්නට වූ නිසාවෙන් තාත්තා නැතැයි අඩුවක් ජීවිතයේ කිසි දිනක හදවතට දැනී නැත්තේ ය. ඒ ආදරයේ ද, රැකවරකයේ ද අසම්පූර්ණ වූ කොටසක් මා මතකයේ නොමැති ය. එබැවින්ම තාත්තා ‍යන චරිතයක් පවුලේ කොතනට අයිතිදැ'යි මම අදටත් නොදනිමි"

රිදී තරු වියන යට - ප්‍රියංකා කහවණුගොඩ

 











"මේ ලෝකෙ කිසිම සාධාරණයක් නෑ. ඔයාට ඔයාගෙ ටයිප් රයිටරේ එපා වෙලා.... ඒ වුණාට මම ටයිප් රයිටරයක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්ඩ ලෑස්තියි"

“තාත්තා මේ ටිකට අවුරුදු ගාණක් වයසට ගිහින්ය. ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම ගැටලුවක් ආ විට තාත්තා ඊට පිළිතුරු පැතුවේ අම්මාගෙනි. එවැනි විටක ඔහු අම්මාගේ අත තදින් මිරිකන අයුරු ඇය දැක තිබේ."

"එහෙත් යම්කිසි සුන්දරත්වයක් ජීවිතයෙන් නැති වී ගොස් ඇති බව ඇයට දැනෙයි. සැහැල්ලු රසවත් හැඟීමක්. මෙතෙක් කිසිදා වචනවලට හෝ සිතුවිල්ලකට පවා නොනැගූ සොඳුරු සිතුවිලි සමුදායක් ඇගේ සිතෙන් යළි නොඑන්නටම ඉගිලී ගොසිනි."

Friday, January 7, 2022

පිළිකාවක් සමඟ තෙවසරක් - චාමර හිමන්ත වන්නිආරච්චි


 










"පිළිකා රෝහලේ බොහෝ දෙනෙක් මිය යන්නේ පාන්දර. ඒකට හේතුව නම් මම දන්නේ නැහැ. බෙහෙත් සැරට අඩ සිහියෙන් බාගෙට නින්ද යන මට හැම පාන්දරක ම වාගේ කවුරු හෝ රෝගියෙකුගෙ මරණ විලාපය ඇහිලා තමයි ඇහැරෙන්නේ. ඊළඟ දවසෙ මට එය ලැබෙන බව තේරුම් අරන් මම හිත හදා ගන්නව."

"මා ඔබට යෝජනා කරන්නේ පිළිකා රෝගීන් හමුවට ඔබ යාමේදී ඉතා පියකරු සිනහමුසු මුහුණකින් යුතුව යන ලෙසයි. කිසිවිටෙකත් ඔවුන් සමඟ මරණය වැනි මාතෘකා කතා නොකරන ලෙසයි"

"අපේ හිත හැම වෙලේම වර්ස්ට් කේස් (worst case) හෙවත් අවම අවස්ථාවට සූදානම් කරගෙන අපි බෙස්ට් කේස් (best case) හෙවත් හොඳම අවස්ථාව වෙනුවෙන් සැලසුම් කලා ම අපිට ප්‍රථිඵලය ලෙස මොන කේස් එක ලැබුනත් හිතට දුකක් නෑ. එතනින් උඩට ලැබෙන හැම දෙයක්ම අපිට ධනාත්මක උපයා ගැනීමක් (positive gain)

ප්‍රබුද්ධ - මහගම සේකර

 

වැඩ ඇරී එන කලට ඔබ සමඟ
සෙනඟින් පිරී ගිය දුම්‍ රියක
අවුලා ගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
එ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්

එසේ වුව සොහොයුරෙනි!
ඔබ ගැන ම මා ලියන ඒ කවිය
ඔබගෙන් බොහෝ දෙනකුට
අද දින නො වැටහෙන බව දනිමි.

ලෝකය මීට වඩා යහපත් වන
අනාගතේ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරයෙන්
කියවන බව ද දනිමි.

.................

"ලැබුව ද කොතෙක් දන
නැඟුණ ද ඉහළ තලයට
දිළිඳු විය ඔහු සිත
ආත්මය ඇද වැටී පහළට"

"රත් දෙතොල් අතරෙහි
පිරී තිබුණේ අමන රාගය
අඳුන් ගෑ නෙත් කොන්වල
රැඳී තිබුණේ ඊර්ෂ්‍යාවය;
සතුටු සාමීචි පිළිසඳර තුළ
කැපී පෙනුණේ වෛරයක් ම ය."

" ප්‍රබුද්ධ
හිස්‍ය මේ ජීවිතය;
බොල්‍ය මේ ජීවිතය;
බලව !
රන් දුහුල් යට

සුවඳ විලවුන් අතර
අතට අත දෙන ඇඟිලි කරු අතර
නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම."

"අමු සොහොනක් නේද මේක?
නාටකයක් නේ ද මේක?"

"ඔබ හැර යා නො හැකි හෙයින්
ඔබ නිසා ම ඔබ සමඟ ම
මා මෙහි විසිය යුතු හෙයින්,"

"මම නමැති හුය දිගේ ගිය හොතින්
එහි මූල තෙක් ම මනසින්
එවිට තොපට පැහැදිලි වෙයි
ආවා වගේ ම සිතට පළමුවෙන් ම 'මම'
අවසානය තෙක් ම රැඳී ඉන්නෙත් එය බව"

"ඇයි මා ඇයගෙන් පැතුවේ
මන පිනවන ප්‍රතික්‍රියාවක්?
දුන්නේ රුපියලක් ම මම්
"මම" සතුටු කරන්න ද?
ඇය්ද් සතුටු කරන්න ද?"

"සිර වී සිටියෝ ට ඔවුහු
මුළු දහවල් දවස තුළ
තමන් ම තනා ගත් ඒ සිට කඳවුර තුළ"

"වෙසක් පහන්වලින් ගලන
සවණක් ගන රැසින් වැසී
පොළොව බෙදූ තාප්ප හා කටු කම්බි ද
මොහොතින් අතුරුදහන් වී ගොසින් ය.

ලෝකට තනි යායකි"

"සැම්සන් !
වරදින් මා මුදවන්නට බී ගෙන ආ
දෙවියෙක් නුඹ !"

"සැණකෙළි බිමෙහි සිටිනා
හැමගෙ ම මුවින් නැඟෙනා
දුක්බර ඒ අඳෝනා
එක ම එක පොදු ලතෝනියක් ලෙස
නින්නාද නැඟුණි ඔහු සවන් තුළ.
එහෙත් ඒ ලතෝනිය හා මුසු ව
ඇසෙනුයේ එක ම එක වැකියක් ය:
'ඉන්න ටිකේ ඉම්මු අපිත් ජොලිය දමාලා.' "

"වික්ටර් !
බතක් - වතක් - ගෙයක් - දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකි ද?
අසහනයෙන් මිදිය හැකි ද?
සංසාරේ නිරන්තර ව තැව රී ඇති
දුක එතනින් නිමා වේ ද?"

"අසාධාරණයට විරුද්ධ ව
යුද වැදීමට
පෙළඹවිය හැකි නම් මිනිස් සිත.
අසාධාරණ නො කර හිඳිනය
පෙළඹ විය නො හැකි ද මිනිස් සිත ?

යුද්ධය පළමුවෙන්
බිහි වනුයේ සිතෙහි නම්
සාමය ද එතැනින් ම
බිහි කරනු බැරි වේ ද ?"


Dear Zindagi (2016) by Gauri Shinde


 







"වැඩේ හොඳට නොකර වෙලාවට ඉවර කරන එකේ තේරුම මොකද්ද?"


"තමන් තමන් ගැන හරියටම තේරුම් ගත්තට පස්සේ, වෙන අය මොනවා හිතයිද කියන එක අදාලම නෑ."

"අපි අපේ ජීවිතේ සුක්කානම අපේ අතට ගත්තේ නැත්නම්, වෙන රියදුරෙක් සීට් එකේ වාඩි වෙයි."

" කෙනෙක් යම් දෙයකින් විඳවනවා නම්, ඒක අනිකා දැනගෙන ඉන්න ඕනේ. පාඩුවේ විඳෙව්වා කියලා කාටද වාසියක් වෙන්නේ?"

"හැම ප්‍රශ්නෙටම උත්තර තියෙන කෙනා බුද්ධිමතෙක් වෙන්නෙ නෑ. හැම උත්තරේකටම යන්න තරම් ඉවසීම තියෙන කෙනා තමයි බුද්ධිමතා."

"ඔයාට හිතේ හැටියට අඬන්න බැරි නම්, හිතේ හැටියට හිනාවෙන්නේ කොහොමද?"

"ආරක්ෂාකාරී බවක් දැනෙන්න මුලින්ම බය නැති කරගෙන ඉන්න ඕනේ.

"අතීතයට ඉඩදෙන්න එපා ඔයාගේ වර්තමානය පැහැරගෙන ඔයාගේ අනාගතය විනාශ කරන්න."

"Don't let the past blackmail your present to ruin your beautiful future"

"-පරිපූර්ණ සම්බන්ධතාවයක් කියලා දෙයක් තියේද? එක විශේෂිත සම්බන්ධයක්?
-මොන එහෙකටද එහෙම විශේෂිත සම්බන්ධයක් ඕන කරන්නේ? ජීවිතේට එහෙම ගොඩක් විශේෂිත සම්බන්ධතා ඇති වෙනවා. වෙනස් වෙනස් හැඟීම් වලට වෙනස් විදියේ සම්බන්ධතා. නිකන් හරියට, සංගීතමය සම්බන්ධයක් වගේ. අපේ සංගීතමය රසය බෙදාගන්න පුළුවන් විදියේ. නැත්නම්, එකට වාඩි වෙලා කෝපි එකක් බොන්න පුළුවන් විදියේ සම්බන්ධයක්. කෝපු එකක් බොන්න හොඳම කෙනෙක්. ඒත් වෙන දේවල් වලට නෙවි. එතකොට, විශේෂිත ඕපාදූප සම්බන්ධතා. ඕපාදූප කතා කරන්න විතරක් හොඳ සම්බන්ධතාවක්. එහෙමත් නැත්නම් බුද්ධිමත් සම්බන්ධයක්. පොත්වල තියෙන දේවල් කතා බහ කරන්න පුළුවන් විදියේ. ගොඩාරියක් වෙනස් විදියේ සම්බන්ධතා තියෙනවා. ඔය රෝමාන්තික සම්බන්ධය කියන්නෙ ඒවගෙන් එකක් විතරයි.
එක සම්බන්ධතාවයකින් අනික් අනෙකුත් සියලු බාධාවන්, වගකීම්, කරදර නැතිවෙයි කියලා හිත එක ඒක ටිකක් අසාධාරණයි වගේ නේද?"

"We are all our own teachers in this school of life"

"ජීවිතයේ මොකක්හරි රටාවක් මතුවෙද්දි, නැත්තං මොකක්හරි පුරුද්දක් ඇති උනොත් ඒ ගැන හොඳට හිතන්න ඕනෙ. බුද්ධිමත් බව කියන්නෙ යම්දෙයක් නවත්තන්න ඕනෙ වෙලාව දැනගෙන ඉන්න එකට. Genuis is about knowing when to stop"