Saturday, April 25, 2020

සඳුන්ගිර ගිනිගනියි - සුනේත්‍රා රාජකරුණානායක


"බත් ඉදෙන කල් බලාගෙන හිටියට නිවෙන කල් නං ඉන්න බෑ, කට පිච්චි පිච්චි කාලා අහවර වුණහමයි දුක් හිතෙනෙ ටිකෙන් ටික කෑවා නං කියලා." 

"ඒ බේත් වලට කකුල වතුරට තෙමන්න එපා කියනවා. කාට පුළුවන් ද වතුරට නො තෙමී දොළෙන් එගොඩ වෙන්න?"

"කොහොමටත් බඩ පිරුණු වෙලාවට ගෙදර අත් ඇරලා යන්න හිතෙන්නෙ නැහැ." 

"කොච්චර හොඳ මිනිස්සු උනත් තමන් ගැන හිතලනෙ අනුන් ගැන හිතන්නෙ" 

"වෙලාවකට මට හිතෙනවා මට ම ටොක්කක් ඇනගන්න. ලෙක්චර්ස් කට් කරලා රවුං ගහන එක මෝඩයි තමයි.සමහර වෙලාවට මෝඩ වැඩවල පුදුම සතුටක් තියෙනවනෙ" 

"පිස්සු ...ගෑනියෙක් උණහම කසාද බඳින්න එපා යැ. නාකි උණහම වතුර උගුරක් දෙන්න හරි දරුවෙක් මල්ලෙක් ඉන්න එපා යැ" 

"එහෙ උපන්දින වලට කේක් හැදුවම සරසලා ඊට උඩින් ඉටි පන්දම් ගහනවා. තමන්ගෙ වයසෙ හැටියට....
ඉතින් ඉටිපන්දම් ගහලා කන්නෙ කොහොමද?
නෑ.... ඒවා පත්තු කරලා නිවනවා කන්න කලින්...
නිවන්න නං පත්තු කරන්නෙ මොට ද?
කවුරු දන්නවද?" 

"ඒත් ගමේ ඉඳලා මොනවා කරන්න ද? අනිත් අතට කොළඹ ගිහින්‍ ය කියල මොනවා කරන්න ද?" 
....................................................................................................

දෙලොවක් අතර තනි උනාම ඔබ මොකද කරන්නෙ?
එයාද /මෙයාද
ජීවිතේද / මරණෙද
රස්සාවද / පරස්තාවද
ගමද / නගරෙද

ඉන්න ආසම තැන, ඒත් හෙට ගැන කියන්න බැරි ලෝකෙක ඉඳන්
ආසා නැති උනත් වගතුවක් වෙන ලෝකෙට ඇවිත් 
හූල්ල හූල්ල දෙලෝකෙටම නැති තැනක අතරමං උනොත්
ඒකෙ වරද පටවන්නෙ කාටද?

ඔබටම?
ලෝක දෙකෙන් එකකට නැත්තං දෙකටම?
හිටපු ලෝකෙම ටැග් ගැහි ගැහි ඉන්න නොදී ලෝක දෙකක හිර කරවපු ඉරණමට??

~පුරූ~

Friday, April 17, 2020

කොලරා කාලේ ආලේ - ගාමිණී වියන්ගොඩ𝗟𝗼𝘃𝗲 𝗶𝗻 𝘁𝗵𝗲 𝘁𝗶𝗺𝗲 𝗼𝗳 𝗖𝗵𝗼𝗹𝗲𝗿𝗮 𝗯𝘆 𝗚𝗮𝗯𝗿𝗶𝗲𝗹 𝗚𝗮𝗿𝗰𝗶𝗮 𝗠𝗮𝗿𝗾𝘂𝗲𝘇

"අසීමිත වන්නේ, මරණයට වඩා ජීවිතයයි"

"කොහොම උනත්, ලියුමක් අයිති වෙන්නේ ඒක ලියපු කෙනාටයි. එහෙම නේද?" "ඒක ඇත්ත. ඒකනේ සම්බන්ධයක් කැඩුණහම මුලින්ම ලියුම් ආපහු එවන්නේ"

"හදවතේ සැමරුම් තුළ, ජීවිතයේ අයහපත අමතක කරන සහ යහපත සුවිශාල කොට සලකන නැමියාවක් පවතින බව තේරුම් ගැනීමට තරම් ඔහු එදා මුහුකුරා සිටියේ නැත"

"ආදරේ කරන කෙනෙක් අපෙන් වෙන් වෙනකොට එයාගේ දේවලුත් ඔක්කොම එයා අරගෙන යනවා නම් කොච්චර දෙයක්ද"

"මං ඇවිල්ලා,  සල්ලිකාර දුප්පතෙක්. ඒ දෙක එකක් නෙමෙයි" 

"ඉන් පසු ඔවුන් කෙළේ, දැන් හිමිව ඇති උතුරා යන කාලය කා දමන්නට, ඊට කලින් කළ නොහැකිව මගහැරුණු දැයෙහි නිරත වීමයි. මළ සැමියැගේ ඇඳුම් පැළඳුම්වල බොත්තම් කාස මැහීම, ගණ කොරලය සහ වාටිය සහිත ඔහුගේ කමිස නැවත නැවතත් ඉස්ත්රික කොට පිළිවෙලකට අසුරා තැබීමාදිය ඒ අතර විය. තවද, ඔහුගේ සබන් කෑල්ල නාන කාමරයේ තැබීමද ඔවුහු නතර නොකළෝය. එසේම අකුරු මැසූ කොට්ට උර ඔහු වෙනුවෙන් ඇඳ පසෙක අසුරා තැබුවෝය. ඇතැම් විට, ඔවුන් ජීවතුන් අතර සිටියදීත් කලින් නොදන්වා ඒමට පුරුදුව සිටි පරිදි  දැන් මළවුන් අතරින් නැගිට ආවොත්‍ ය යන සැකයෙන් කෑම මේසයේ පවා ඔහුගේ තැන සූදානම්ව තැබුවෝය. ඒහෙත් තම ඉරණමේ තනි හිමිකාරිය බවට තමන් නැවත පත්ව ඇති බව ඒ හුදකලා දේවමෙහෙයන්හිදී ඔවුන්ට වැටහෙන්නට පටන්ගනී. විවාපත් වීමේදී තමන් තමන්ගේම වූ පවුල් නාමය අතහැර තිබුණා පමණක්ම නොව, මනාලියක තුළ ඇති අනේක වූ මිත්‍යාවන්ගෙන් එකක් වන, විවාහය තුළ විශේෂ ආරක්ෂාවක් සැපයේය යන විශ්වාසයට හුවමාරුවක් වශයෙන් තමන්ගේම වූ අනන්‍යතාවත් තමන් අතහැර ඇති බව ඔවුහු තේරුම් ගනිති."

"එහෙත් බෝට්ටුවේ ආලෝක පහන්, දර්ශන පථයෙන් නොපෙනී යන්නටත් පෙර දෙදෙනාම තම තමන්ගේ දුර්වලකම් ගැන පසුතැවුණෝය."