Friday, June 26, 2020

The monk who sold his ferari by Robin Sharma ඒ අපූරු මග , පරිවර්තනය උපාලි රත්නායක

"එක ඇසක්, ලැබෙන ප්‍රතිලාභය දෙස අවධානය යෙදවීමට භාවිත කළාම, ඔබගේ අරමුණ දිහා බලන්නට ඉතිරි වන්නේ තවත් එක ඇසක් පමණයි" 

"ගහේ අත්ත දිගේ යන්න යන්න, බිමට වැටෙන්න තියෙන ඉඩකඩත් වැඩියි. නමුත් හැම ගෙඩියක්ම හැදෙන්නේ අතුවල විතරයි" 

"සාකච්ඡාව ඉදිරියට මෙහෙයවනු ලබන්නේ ප්‍රශ්න විමසන්නා විසිනි" 

"මනුශ්‍ය ස්වභාවයේ බලවත්ම මූලධර්මය වන්නේ අගය කරනු ලැබීමට ඇති ආශාවය. ඔබ කවුරුන් වුවද,ඔබ තරුණ පාසල් ශිෂ්‍යාවක හෝ ළදැඩි කම්කරුවකු වේවා. මේ පෘථිවිය මත සිටින සෑම පුද්ගලයෙකුගේම දැවෙන ආශාවක් වන්නේ හොඳින් සලකනු ලැබීමට ඇති දැඩි කැමැත්තය" 

""බියට පත් වූ ආත්මයක් ඇත්නම් කළ හැකි දේ ඉතා කුඩාය" ෆ්ලෝරන්ස් නයිටිංගේල්" 

"හැම දවසක්ම විශේෂයි. ඒවා කුඩා ආශිර්වාදවලින් සමන්විතයි." 

"ඔව් මම එර් කාලේ ඇති තරම් සල්ලි හෙව්වා තමා. ඕනෑම කෙනෙක් හීන මවන බොහෝ දේවල් මට හිමිවුණා. ඒත් මට සතුටක් තිබුණේ නෑ  මට හිස්බවක් දැනුණා. ඉතින්, දැන් නම් මට තියෙන්නේ මගේමය කියලා බොහොම පොඩි දේවල් ටිකක් විතරයි. නමුත් දවසක් පාසා මතුවෙන විශේෂ දේවල්වලින් මම දැන් සතුටු වෙනවා" 

"වැලි දෝතක් වගේ කාලය අපේ ඇඟිලි අතරින් රිංගා ගලා යනවා. ඒක ආපසු කවදාවත් එන්නෙ නෑ. ඒ නිසා ජීවිතය තුළින් ගමන් කරන අතර, ඒක වැළඳගෙන, රස විඳින්නට එඩිතර වෙන්න" 

"පැහැදිලි අරමුණක් තිබීම තරම් හොඳට මානසික උත්තේජනයක්, අවධානය යොමු කිරීමක් සිදුවන වෙන කිසිවක් නෑ. තමන් යන්නේ කොහාටද, තමන්ගෙන් අපේක්ෂා කරන්නේ මොනවාද යන කරුණු මිනිසුන් දැනගත් විට ඔවුන් තම වගකීම් සම්පූර්ණ කිරීමට කටයුතු කරාවි" 

"ඔබට කෝපය එක මොහොතකට දරා ගත හැකි නම්, දවස් සියයක කනස්සල්ලක් වළක්වා ගත හැක" 

"හදවත මෙන්ම මනස ද ගමන් කරන්නේ ඒවාඅගය කරන ස්ථාන වෙතටය" 

"රළු බව පරාජය කළ හැක්කේ මෘදු බව මඟිනි"

"සියළු ක්‍රියාකාරකම් ඇරඹෙන්නේ විවේකය තුළිනි; මෙය පරම සත්‍යයකි" 

"ස්වයං පුනර්ජීවනයක් කිරීම සඳහා කාලය වෙන් කිරීමට නොහැකි වීම යනු ඔබ බොහෝ කාර බහුල බැවිල ඔබේ වාහනයට ඉන්ධන පුරවාගැනීම සඳහා එය නැවැත්වීමටවත් කාලයක් නැතැයි කීමක් වැනිය." 

"වෙනත් කිසිවකු නොකියවූ දෙයක් හැම දිනකම කියවන්න. වෙනත් කිසිවකු නොසිතන දෙයක් හැම දිනකම සිතන්න. ඒකමතිකව සිටින්නන්ගේ කොටසක් බවට පත්වීම, නිතරම මනසට අහිතකරය" ක්‍රිස්ටෝපර් මෝර්ලි

"එදා කුඩා විය ගෙවූ 'මම' නමැති ළමයා, අද සිටින වැඩිහිටි 'මම' ගැන සිතනු ඇත්තේ කුමක්ද?"

ශ්‍රේෂ්ඨත්වය නම් ඔබ සමඟ අවසන් නොවන යමක් ආරම්භ කර නික්ම යාමය" 

Saturday, June 13, 2020

අදිසි නදිය - කපිල කුමාර කාලිංග


"සෑම ගසක්ම කවියෙකි, සෑම මිනිසෙක්ම පොතකි,
එය කියවීම හෝ නොකියවීම ඔබගේ වැඩකි."

-"විද්‍යාඥයෙක්. ඔහු කලක් නාසා ආයතනයේ වැඩ කෙරුවා. ඒත් ඇමරිකානුවෙක් නෙමෙයි"
-"අපි ගිය අවුරුද්දේ විවෘත කෙරුවා ඇස් කන් නාසා පර්යේෂණ ආයතනයක්. ලෝකෙ නොයෙක් රටවල විද්‍යාඥයෝ ඒ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වුණා"

................................................................................................................................
අපි ඡීවත් රට/ලෝකෙ/system එක, දකින දේ, ඇත්තයි කියලා විශ්වාස කරන දේ, ඇත්තටම ඇත්තක්ද. අපි මේ කරන හැම දෙයක්ම කරන්නෙ අපිට ඇත්තටම ඕනවටද. නැත්තං අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව වෙන කාගෙ හරි උවමනාවකට ද. අපි මේ ඉන්නෙ, බල ලෝභයේ අන්ධභාවය විසින් කාලයක් තිස්සේ නිර්මාණය කරපු fantasyක් ඇතුලෙ වෙන්න බැරිද. ගැලවෙන මග දැක දැකම නිද්‍රාශීලීව ඉන්නවා නෙමෙයිද.

කොටින්ම, මේක ගිලෙන බව දැන දැනත්, නොදන්නවා වගේ තවමත් සාද පවත්වමින් ඉන්න ටයිටැනික් නැවක් වෙන්නම බැරිද.

~පුරූ~





අම්මා සහ මිහිකත - දැදිගම වී. රුද්‍රිගු පරිවර්තනයක් (Mother Earth By Chingiz Aitmatov and James Riordan)


"ඉඩම් සහ ජලය සමාන ලෙස බෙදා දෙනවා නභ්, අපට අපේම කුඹුරක් ලැබෙයි නම්, සී සෑමට, තිරිඟු වැපිරීමට සහ අපේ තිරිඟු සුද්ද කර ගැනීමට අපට ඉඩ කඩ ලැබේ නම්, අන්න එය තමයි අපේ වාසනාව තල්ගනායි, එයට වඩා වැඩ වාසනාවක් කෙනෙකුට අවශ්‍ය නැහැ. ගොවියාගේ වාසනාව රඳා පවතින්නේ ඔහු වපුරන සහ කපා ගන්නා ප්‍රමාණය අනුවයි"
"යහගුණය මහ පාරේ තියෙන දෙයක් නොවෙයි. එය අහම්බෙන් අහුලා ගන්නට බැහැ. යහගුණය එක් මිනිහකු අනිකාගෙන් ඉගෙන ගන්නවා"

"හැම දෙයක්ම යුද්ධයට අයත් විය. අපේ ජීවිත, අපේ ශ්‍රමය, අපේ අභිප්‍රාය පමණක් නොව,පොඩිත්තන්ගේ කැඳ කෝප්පය පවා යුද්ධයට අයත් විය. නොසිඳෙන කුසගින්නන් පෙළෙන මහා රකුසකු බඳු යුද්ධයට ඉතාම කුඩා දෙ පවා බිලි දීමට සිදු විය. එහෙත් තඹයකදු යුද්ධයට දීමට අකමැති මිනිස්සු සිටියහ. එවැන්නන් හිටි බව සැඟවීමට අවශ්‍ය නැත. ඒ විතරක්ද ඔවුහු අපේ ආහාර කොටසෙන් පවා පංගුවක් උදුරා ගත්හ."


"කොතරම් පුදුමයක්ද, මිනිහකුට ජීවත් වීම සඳහා අවශ්‍ය වන්නේ කොතරම් සුළු ප්‍රමාණයක්ද! සමහර විට මළවුන්ගෙන් යළි පණ ලැබීමට ඔහුට අවශ්‍ය වන්නේ දයාව පිරි එක් වචනයක් පමණකි"

ගිරිපුර ඇත්තෝ - සිංහලට හඬ කැවීම - සිරස TV - (The Flintstones produced by Hanna- Barbera Productions)


ගල්පාත :- අර බෝතලෙන් ගහපු පාරට බොරළුගෙ ඔලුව අවුල් වෙලාද කොහෙද

ඩොටී :- ඇයි ඔයා එහෙම කියන්නේ. බොරළු දැන් මට කියලා ගියේ මාව දැක්කමත් බඩ පිරෙනවා කියලා. ඉතින් ඒක බොරුද?

ගල්පාත :- විකාරනෙ. සාමාන්‍ය මිනිස්සු එහෙම කතා කියන්නෑනෙ.

ඩොටී :- මට සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වැඩක් නෑ. ඔයා කොහොමද හිතන්නේ කියලයි දැනගන්න ඕනෙ.

ගල්පාත :- අනේ ඩොටී කටවහගන්නකො.

ඩොටී :- නෑ නෑ කියනවා. මාව දැක්කම මොනවද හිතෙන්නෙ? ඉතින් කියනවා... 🙍‍♀️

ගල්පාත :- හරි හරි මට ඔයා දැක්කම බඩ පිරෙනවා.... 😬😬😬

The theory of everything 2014 by James Marsh


"I don't look like a terribly strong person. But I love him. And he loves me. We are going to fight this illness together"

"There should be no boundary to human endeavour. We are all different. However bad life may seem, there is always something you can do and succeed at. While there is life, there is hope."

ඔබ නැතිව ඔබ එක්ක - You without you (ප්‍රසන්න විතානගේ සිනමා නිර්මාණයක්)


"ඔයාව දැකපු මුල්ම දවසේ ඉඳල මම ඔයාට ආදරය කළා. මම ඉස්සෙල්ලම දැක්කෙ මේ ඇඟිලි... ඊට පස්සෙ මේ ඇස්..."


"ඇයි ඔයා මට මෙහෙම කළේ... ඔයා කැමති ඕනැම කෙනෙක් එක්ක ඔයාට යාළු වෙන්න තිබුණ... ඔයා එක සැරයක් හැරිල මා දිහා බලල හිනාවුණා නං..."

"මට ඔයාගෙ හීන ගැන දැනගන්න ඕන උනේ නෑ. ඒ හීන මගේ හීන වලට හරස් වෙයි කියලා මම හිතුවා."

"-මම හම්බෙන්න කලින් ඔයා මොකද කලේ?
--මුකුත් නෑ
--ඔයාට කවුරුත්ම හිටියෙ නැද්ද?
--නෑ
--ඔයා මං ගැන මුකුත්ම අහන්නෙ නෑ නෙ
--මොකටද"

"ඔයාගෙ ආදරේට මම බය උනා. මම නිශ්ශබ්ද උනා"
"මගෙ ඇස් රිදෙනකල් මම ඔයා දිහා බලාගෙන හිටියා"

"මං ඔයාගෙ දැක්කෙ මං දකින්න කැමති දේ විතරයි"

"මොනවහරි කියන්න. අපි කතා කරමු. ඔයා මට ආදරෙයි කියනකං මම මෙතනින් නැගිටින්නෙ නෑ"



https://www.bbc.com/sinhala/sri_lanka/2015/10/151011_sp_oba_nathuva_film_review



"ඇත්තෙන්ම ස්‌වකීය සිනමා පට අතලොස්‌ස හරහා ප්‍රසන්න වැඩිපුරම වෑයම් කළේ නොයෙක්‌ මනුෂ්‍ය සබඳතා මුල් කර ගන්නටය. වරෙක ඊට යටින් ඇති තතු විවරණයටය. සත්‍ය හා මිත්‍යාව අතර ඇති කෙස්‌ ගහක පරතරය හා යොදුන් ගණනක පරතරය ගැනත්, පසු තැවීමක දිග පළල කොතරම් දැයි යන්න ගැනත්, යථාර්ථය හා ප්‍රාර්ථනා අතර නොපෑහීම් ගැනත්, අතීතයෙන් ගැලවිය නොහැකි වර්තමානය ගැනත් පවසනු පිණිස සිනමානුරූපීව මැදිහත් වූ ප්‍රසන්න යළිත් එබන්දකට සූදානම් වන සැටියක 'ඔබ නැතුව ඔබ එක්‌ක' හිදී පෙන්නුම් කරයි"
" 'ඔබ නැතුව ඔබ එක්‌ක' සරත්සිරිගේ හා සෙල්විගේ ජීවිත පිළිබඳ විවරණයක්‌ සේ ලඝූ කරන තැනකට ගමන් කරන සෙයක්‌ නොපෙනේ. නොඅනුමානව ම එය ගමන් කරන්නේ මනුෂ්‍ය සබඳතා ජාලයේ පොදු සාධක කරාය"
"විශිෂ්ට සිනමාපටයක්‌ පැවතිය යුත්තේ ජීවිතයෙන් පරිබාහිරව නොවේ. කවර අන්දමකින් හෝ එය ජීවිතයේ කොටසක්‌ බවට පත් කර ගත යුතු වෙයි."
"කොහොමත් ඔබ නැතිව ඔබ එක්‌ක හි දේශපාලනික කියෑවීම එහි යටි පෙළ අරුත සේ පැවසීමේ සම්ප්‍රදායික පිළිවෙත නොපිළිගැනීම සත්තකින්ම සප්‍රයෝජනවත් වේ. විටෙක ඔබ නැතුව ඔබ එක්‌ක මනුෂ්‍ය සබඳතා ජීවිතය තුළ දොaලනය වන අන්දම සූක්‍ෂමව අවධාරණය කරනු පිණිස ගත පියවරක්‌ සේ හඳුනාගැනීමට පුළුවන"

https://www.divaina.com/2015/09/18/cineart04.html


"තනිකඩ සරත්සිරි, .. මේ කවුළුව අසලට වී ඔහුගේ අනාගත සිහිනය, නිල්-කොළ මිශ්‍ර පැහැයෙන් දිලෙන තේ වත්ත, දෙස බලා සිටියි" ... "ඇය පිටව ගිය වහාම දිවගොස් ඉහළ මාලයේ කවුළුව වෙතින්, සිය අනාගතය දකින කවුළුව වෙතින්, ඔහු ඇය සොයයි."

"සමථකරණය ගැන පාලනය කෙතරම් වහසි බස් දෙඩුව ද මනස් අභ්‍යන්තරයෙහි සැඟවුණු භ්‍රාන්තියෙන් යම් පුද්ගලයකු ගලවාගෙන ඔහු හෝ ඇය යළි තත්‍ය ලොව තුළ පිහිටුවීම අති දුෂ්කර කටයුත්තකි. තිස්වසරකට ආසන්න කාලයක් අප මුහුණ දුන් සිවිල් යුද්ධයේ කම්පනය තවත් දිගු කලක් සැඟවී සෙල්විලාගේ සරත්සිරිලාගේ අල්මාරි ලාච්චුවලින් හෝ සිහිනවලින් හෝ මතුවනු ඇත. ඒ නැතිනම් ත්‍රීවීලරයක නැගී විත් දොරට තට්ටු කරනු ඇත. 'ඔබ නැතුව ඔබ එක්ක' මේ තත්‍ය ගැටළුව දෙස අපගේ අවධානය යොමු කරවයි."

http://www.boondi.lk/article.php?ArtID=4219

"උකස්කරුවාගේ කුඩා නිවහනේ ඉහල මහලේ ජනේලයක් සංකේතාත්මකව යොදාගන්නේ පවත්නා සමාජයට දොරටුවක් වසයෙනි. සරත්සිරි හා සෙල්වි යන දෙදෙනා ම ලෝකය දකින්නේ මේ ජනේලය තුලින් වුව ද ඔවුන් සංජානනය කරන්නේ එකිනෙකට වෙනස්, ප‍්‍රතිවිරුද්ධ පවා වන යථාර්ථයන් දෙකකි. සරුසාර පලා පැහැය, උදා හිරු කිරන හෝ ගී ගයන කුරුල්ලන් දැකීමට හෝ ඇසීමට අපොහොසත් වන සරත්සිරිට පෙනෙනුයේ යම් දිනක මිලයට ගැනීමට අදහස් කරන ඉඩම් කැබැල්ලක් පමනකි. යුද්ධයෙන් තදබල ක්ෂතියට පත් ව සිටින සෙල්වි පැය ගනන් එම ජනේලයෙන් ම ක්ෂිතිජය දෙස බලාගත්වන ම සිටී."

https://www.wsws.org/sinhala/2014/2014jul/with-22j.html

"ℕ𝕖𝕖𝕝𝕒𝕜𝕒𝕤𝕙𝕒𝕞 𝕡𝕒𝕔𝕙𝕒𝕜𝕒𝕕𝕒𝕝 ℂ𝕙𝕦𝕧𝕒𝕟𝕟𝕒 𝔹𝕙𝕠𝕠𝕞𝕚" by Sameer Thahir


"මට හිතෙන්නේ අපිට සතුටින් ඉන්න ඕනෙ නම් අපි සතුටින් ඉන්න කෙනෙක් ගාව ඉන්න ඕනෙ."

"මම හැමවෙලාවෙම හිතුවෙ, මම සුනීවයි අසීවයි ආරක්ෂා කරනවා කියලා. ඒත් මම වැරදියි. සුනීගේ එකම බලාපොරොත්තුව වෙලා තිබ්බේ, මම අසීව හමුවෙන එක. අසීට ඕනෙ උනේ මට කිසි ප්‍රශ්නයක් ඇති නොවෙන එක. එයාලා හැමෝම මාවයි ආරක්ෂා කලේ.එයාලා හැමෝම මට ආදරය කලා. "

(උපසිරැසි - තරිඳු රසාංග| Baiscopelk.com වෙබ් අඩවියෙන්)