Friday, October 22, 2021


 







සේපාලිකා,

උදේ හිට හවහ වෙනකන්
ඉර හැරෙන හැරෙන පැත්තට
හැරි හැරි ඉඳලා මට ඇති වෙලා

බෙල්ල උළුක් වෙන්ඩ කලියෙන්
පැනලා මං එනකං
පල්ලෙහා අත්තක හිච්ව්ං ඉඩක්
අල්ලගෙන ඉන්නවද මට

මම සූරියකාන්තා

 

උයන්පල්ලා සඳවතියට කල ඇරයුම මම ඔබට නොකරමි

ඔබ කිසි දින මිහිපිටට නොආ යුතුය

පුරා හඳකට මෙහි ඉඩ නැතිව නොවේ

එවිට සඳටද සඳ නැති වන හෙයිනි


අමාවකටවත් හඳ නොබලමියි සපථ නොවෙමි

කඩවන පොරොන්දු නුඹ ලද නොයුතු බැවිනි

ඉඳ හිට රැසක මදහසක් අලවා එවන්න

කළුවරක අමුණා විගහට උත්තර එවන්නම්


~පුරූ~