Wednesday, October 5, 2022

ඉතින් ඒ කව තවම එතැනයි













සපථ කෙරුවත් කොයි තරම් තව නම් හඳ බලන්නේ නෑ කියා

හුස්ම හෙලනා වරක් පාසා සුපුන් සඳ මට පේනවා

උඹත් හිටිදෙන් මමත් ඉන්නම් මමම මගෙ හිත හදනවා

ඒත් හඳ බැස යන හීනෙකින් පාන්දර නිදි කැඩෙනවා


හෙට අනිද්දා හීනෙ එළි වෙන බවත් මම දැන් දන්නවා

අහස හිමි නුඹ මෙහෙට එන්නෑ ඒ බවත් මම දන්නවා

තාරකාවක් වී පලක් නෑ මක් කරන්නද හිතනවා

ඉතින් ඒ කව තවම එතැනයි මම තවම නිදි කිරනවා


සේයාරුව - pinterest වෙබ් අඩවියෙන්

No comments:

Post a Comment