Friday, January 7, 2022

අයාලේ ගිය සිතක සටහන් - තිස්ස අබේසේකර

 











"ආර්ථික, සමාජය හා පොදු සිරිත නොහොත් සංස්කෘතිය ඒකාබද්ධ ව හැදී වැඩෙන ජාතික සම්ප්‍රදාය තුළ අර්බුධයක් ඇතිවන්නේ ඉන් එක් කොටසක් අනෙක් දෙකොටසට ප්‍රතිවිරුද්ධ දිසාවකට ඇදෙන්නට වුවහොත් පමණි."

"සංගීතය විශ්ව බසක් යැයි යන කීම මම නො පිළිගනිමි...... එක් එක් රටක ජාතියක බිහි වන සංගීතය ඒ රටේ ජන ජීවිතය හා එහි රිද්මයන් උකහා ගෙන වැඩෙයි."

"දෙදෙනෙකු අතර ඇති වන දෙබසක් මඟින් කිසි යම් අරුතක් හෝ රසයක් මතු කිරීමේ ප්‍රයෝගය හඳුන්වනුයේ 'උබබස්ලකර' නොහොත් 'උභය-භාෂාලංකාරය' කියා ය."

"අප ගෙර් නාඩගම් පොත්වල එන 'සින්දු' වනාහි හුදු පද්‍ය නො වේ. මත්-විරිත හෝ වන-විරිත ඉක්මවා යන ස්වරාකෘතියකට අනුව ගැයීම සඳහා නිර්මාණය කරන ලද පද බැඳුම් ය. අද 'ගේය පද' යනුවෙන් හඳුන්වන්නේ ද එයම විය යුතු ය. යම් කිසි පද්‍ය ‍රචනයක් 'සුගායනීය' යැයි අප කියන්නේ ද එය විරිත ඉක්මවා යන රාග තාල අනුව ගායනයට සුදුසු යැයි කීම ය."

"පෙරදිග අප විසින් කුලවාදය අනුව යමින් සමාජයේ අග්ගිස්සට තල්ලු කර දමා ඇති මිනිස් වර්ගයක උපන් ළඳක් තුළ දේවත්වයක් දැකිය හැක්කේ ද එනිසා ම ඇයට ගරු කළ හැක්කේ ද උත්තම කවියකුට පමණි.
නෙරූදා එවැන්නෙකි."

"... ජාතිකත්වය, භාෂාව, සංස්කෘතිය හා ආගම, මිනිසුන් වඩාත් ශිෂ්ටයින් බවට පත් කිරීමේ සාධකයක් ලෙස නො ව ඔවුන් නිර්වින්දනීය තත්තවයක තබා ගැනීම සඳහා අධිකාරි පන්තීන් විසින් භාවිතා කරනු ලැබී ය."

"...කිසි යම් අධිකාරි පන්තියක් තම ආධිපත්‍යයට තර්ජනයක් වන්නා වූ තවත් පක්ෂයක් හා යුද වදියි. නැත්නම් වෙළෙන්දන් තම වෙළඳ පොළ පුළුල් කිරීම සඳහා විදේශ ආක්‍රමණය කර ඇත. ..... තව කෙනෙකු ගේ සුවසෙත සඳහා බිල්ලට දෙනු ලබන්නේ පොදු ජනතාවයි. එසේ බිලි දීමට කලින් ඔවුන් ව නිර්වින්දනය කරනු ලබයි...."

"සත්‍යය සත්‍යයය හා ගැටුණු විට ඒ සත්‍යයට ඔබ්බේ ඇති හරයක් අප සොයා යා යුතු ය. ඒ හරය වනාහි මනුෂ්‍ය ජීවිතයේ ඇති පූජනීයත්වයයි."

No comments:

Post a Comment