"යකෝ මහණවෙලා රට හදන්ට තනන කෙනෙකුටත් ඔහොම නං මේ රට කවදා හරි පරදේසින්ටම ගෙහුන් තමා නවතින්නෙ"
"ඔය උපසම්පදාව කියන එක ලැබුනම පුරාණේ හිටියය කියන විදියේ රහත් නමක් වෙන්ට ඕනෑ රහස් කියා දෙනවා වෙන්ටැති"
"හොඳ වෙලාවට මේ උපසම්පදා තහංචිය ආවෙ. නැහ්නං ඉතිං අපිටත් මල්කඳුරෙ එව්වන්ට වඳින්ටයි වෙන්නෙ"
" සතුට තියෙන්නෙ කිසිම දේකට ඇලීමක් බැඳීමක්, තණ්හාවක් නැතිව හිටියොත් තමා"
"පිනටත් තණ්හා වෙන්ට නාකයි"
"තරහවක් ඉතුරු කරාන ගියොත් සංසාරේ ආයේ ආයේ මුණ ගැහෙනවා ඒක නිවෙනකල්"
"නිවන් යන්ට කලියෙන් ඔය සේරෝම කරන්ට ලැබෙන්ට කියලයි පතන්නෙ. රෑට හීතලේ තනින්පැදුරේ වැතුරුණාම ඔය හිත් සේරෝම දුක තුනී කරන්ටයි ඕං. එහෙම තණ්හාවක් ආසාවක් නැහ්නං ජීවත් වෙලා මොට ද?"
"මහවාහලට යටත් වෙලා රාජකාරි කිරීමට වැඩියෙන් ගෑනියෙකුට යටත්වෙලා සිටීම අමාරු ය. හිත මුර කරන්ට බැරි වග මයුරවතීට වැටහෙන්නේ නැතුවා ය. මයෙ හිතේ සුවඳි හොල්මන් කරනවාට මයෙ කැමැත්තක් නැතුවා ය. එහෙම ආලවංතකොමකින් ඇතිවෙන දුක දන්නේ එහෙම දුකක් විඳි පිරිමියෙක් ඉතරය."
"සුද්දෝ කාලතුවක්කු තනන්ට දැන ගත්තාට වචනයක් හරියකට කියවෙන ආකාරයකට ලියන්ට හෝඩියක් නැතුවා ය."
"ඉංගිරිස් බෙර ගසා, ඉංගිරිස් දෙවියන්ට යාතිකාකොට, ඉංගිරිස් කොඩිය එසවූ මොහොතේ මයෙ පපුව මහත් දුක් ගත්තා ය. ඒක මෙයාකරය කියන්ට අසීරු ය. දෙමාපියන් වාල්කොමට පාවා දෙන්ට වූවා වාගේ වේදනාවක් ය."
"හිරකාරයෙක් ගේ පපුවෙ කියා ගන්ට බැරි දේවල් කොච්චර නං තියෙන්ට බැරි ද? අපිත් ඉතිං උවමනා දේකට ඉතර නෙව ඒ ඇත්තාට කතා කරැව්ව්වෙ."
"දීග ආවට පස්සෙ උණ හෙම්බිරිස්සාව හැදුණාය කියලා වතුර උණු කරලා දෙන්ට කොයි ගෑනියෙකුටවත් කවුරුවත් ඉන්නව යැ."
"උඹ මේ මිනිහා ගැන කරුණාවක් තියේ නං තමං ගැන හිතන්ට කලින් ඒ මිනිහයෙ පණ බේරා දෙන්ට හිතනවා."
"පපුව අඬනකොට පමණටත් වඩා බොරු විහිළු කිය කියා හිනැහෙන්ට තනනවා නෙව."
"ආලය අන්ධ විය හැක. එහෙත් සැබෑ ආලය මහලු වන්නේ නැත."
"නිහඬ ශිෂ්ඨසම්පන්න බව ආත්මය මරා දමන්නකි"
"ඉසබෙල් ලෝක අන්තිමයට මළවුන් ගේ නැගිටීම විශ්වාස කළ අතර මා විශ්වාස තැබුවේ ජීවත්වන්නවුන් නැගිට්ටවීම පිළිබඳව ය."
"මේ දුප්පත් දුඹුරු පාට ගෑනි මට මතක් කරලා දුන්නා ආදරේ කියන්නේ නැව් නැගලා පැනලා යන්න බැරි ගෞරවනීය බැඳීමක් කියලා"
"පීටර් ට තමන් ආදරය කළ ගැහැනිය වෙනුවෙන් අවදානමක් ගන්නට ශක්තියක් තිබිණ. මා දන්නා බොහෝ පිරිමින්ට එවැනි පුරුෂ ධෛර්යයක් නැත."
"ඕසෙට මාළු අහුවෙන සන්සුන් මුහුදක් තියෙනකොට මුහුද දෙයියො. සුනාමියකදි මුහුද රකුසා"
"හැමෝම ගෙයක්, රස්සාවක්, ටෙන්ඩර් එකක්, දරුවෙකුට පිටරට ශිෂ්‍යත්වයක්, ආණ්ඩුවෙ මුදලින් නඩත්තු වෙන කාර් එකක් වගේ මොනවා හරි ගන්න ඕනම කපටියෙක් ළඟ දණින් වැටෙන්න සූදානම් පරිසරයක හොඳ නරක පෙනෙන්නෙ නැතුව යනවා."
No comments:
Post a Comment