"ඒ දැවැන්‍ත ශීතල රට මෙන් නොව, මේ රට වචන කිහිපයකින් සෙලවී යයි. වචනවලින් රටම හොල්ලන අයගේ වචනවලින් කලින් කල මත්වීමට මේ රට ආසා කරයි."
මේ කැම්පස් එකේ ඉන්න ඔක්කොම ගංජකාරයොද බං?"
"පිස්සුද අයියෙ! අපි වගේ අපතයො කීපදෙනෙක් විතරයි."
"අනික් උන් හොඳ එවුන් අයියෙ. උන් ගහනව වෙන ජාතියක්. හැමවෙලාවෙලම
මත්වෙලා ඉන්නෙ."
"අයිස්?"
"පිස්සුද අයියෙ. එව්ව ගහන්ඩ සල්ලි කොහෙද මෙහෙ. ජීපීඒ කියල කියන්නෙ."
"ජීපීඒ? අඩේ ඒ මොනවද? බාබුල් වගේ සීන්කෝන් එකක්ද?"
"නෑ අයියෙ එව්ව ලකුණු ජාතියක්. අපි දන්නෙත් නෑ. හරියටම මොකද්ද කියලා. හොඳට පාඩං කෙරුවොත් එව්ව ගන්ඩ පුළුවන්. හැබැයි උපරිම හතරයි.
"මොන මඟුලකටද බං හතරක් අරන්. මං හිතුවෙ සීයක් විතර කියලා"
"හතර කියන්නෙ සීය වගේ තමයි."
"අපි ගී විඳ විඳ විඳවන ජාතියක් වෙමු. ගීතය ළඟට අප විඳින අනික ධනාත්මක චින්තන උපදේශයය. ධනාත්මක චින්තන කෑලි මිහිරි කවි සේ දැනේ. ධනාත්මක සේ සිනාසීමෙන් දියුණු වන ආකාරය ගැන උපදේශ අපට මහා කාව්‍යයක් වැන්න. එහෙත්, සැබෑ සිනාවක් අගය කිරීමටත්, අනෙකා සමඟ සැබැවින්ම සිනාසීමටවත් තැත් නොකරමු. අපි අනෙකාට සිනාසෙමින් ජීවත් වෙමු."
Labels
- Books (47)
- Highlights (85)
- Movies (36)
- Plays (1)
- කවියට කවියක් (2)
- පින්තූරෙට කතාවක් (9)
- බලන් හද පෑරෙනා හැටි (15)
- සඳට කියන වග... (12)
Friday, January 7, 2022
රතු ඉරි අඳින අත - ලියනගේ අමරකීර්ති
Labels:
Books,
Highlights
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment