Friday, January 7, 2022

අපූගේ ලෝකය - චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි (අපරාජිතයෝ - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය)

 











"මිනිසා මිය ගිය විට කොහේ යනු ඇති ද? තෙමුණු සෙරෙප්පු මත ඇති වූ දිලීර ආයු කාලය අවසන් වූ පසු කොහේ යනු ඇත් ද?"

"දැන් හිස හැරුණු අතේ යන්න්ට නිදහස තිබේ. බොහෝ දිනකට පසු සත්‍ය වශයෙන් ම නිදහසක් ලැබී ඇත. මින් පසු කිසිම දැලක පැටලෙන්නේ නැතැයි ඔහු සිතා ගත්තේය."

"ලෝක නිර්මාණයේ ආදිම යුගයේ සිට කිසි ම දරුවෙක් කවදාවත් 'තාත්තා' යයි අමතා නැති සේය. කාටවත් කරන්න බැරි කාර්‍යයක් තම දරුවා කරන්නා සේ ඔහුට දැනේ."

"මේ දැක්කද ලේබලේ? 'චන්දාමුඛි දත්බේත් - මහිලා හෝම් ඉන්ඩස්ට්‍රියල් සින්ඩිකේට්'. මහිලා කියලා කෑල්ලක් දැම්මේ මේ දවස්වල ගෑණුන්ගෙ නමින් ඉදිරිපත් වුණොත් පබ්ලික් සිම්පති එක ලැබෙයි කියලා"

"මෙවැනි ජන ශුන්‍ය ස්ථානවලදී හදවතේ ඇති වන හැඟීම් වෙනදාට වඩා වෙනස් ඒවා යයි අපූට දැනේ. නගරයේදී හෝ ජනයා ගැවසෙන තැන්වලදී හෝ තමාගේ ජීවිතයේ ගැටලු ද අනාගත දියුණුව ද ගැන සිත යොමු වෙතත් මෙහෙ දී තාරකා පිරි අහස යට හිඳිද්දී ඒ හැම අභිමතාර්ථයක් ම, ප්‍රශ්නයක් ම ඉතා නොවැදගත් සුළු දේවල් යැයි සිතේ."

"ඒ සතුට කෙරෙහි මිල මුදලේ කිසිම සම්බන්ධතාවයක් නැත. එය සැප සම්පත් හෝ ගරු සැලකිලි හෝ සාර්ථක බව හෝ මත රඳා නොපවතී."

"මට දැන් සිතෙන්නේ දුක සැප දෙකම අපූරු දේ බවය. ජීවිතය බොහෝ අද්භූත වූ ද විචිත්‍ර වූ ද දෙයකි. ඉතා පහත් වූ ද, හීන වූද, ඒකාකාරී වූ ද, ජීවිත ගත කරන අය ජීවිතයේ එම විචිත්‍රතාව භුක්ති විඳිති. මෙවැන්නක් ගැන මා මෙතෙක් කල් විශ්වාස කළේ නැත. මා මෙතෙක් සිතා ගෙන සිටියේ කොහේ හෝ ඇවිදීමට ලැබුණොත් ජීවිතය සාර්ථක වන බවය. එය එසේ නොවන බව දැන් මට වැටහේ. දුක, සැප, බලාපොරොත්තු හා ඒවා කඩවීම් ආදියෙන් ආත්මයට කොතරම් විචිත්‍ර වූ ද මිල කළ නොහැකි වූ ද අත්දැකීම් ගෙන ඒද? මේ ගුප්ත වූ ද දිව්‍යමය වූ ද ගමන් මගෙහි සෞන්දර්‍යය විඳීම සුවයක් සේ මට හැඟේ."

"ජීවිතය ගත කිරීම එක් කලාවකි. ඒ බව ඔවුහු නොදනිති. දවසට සුළු වේලාවක් හෝ නිහඬව තනිව හිඳ කල්පනා කල යුතුය."

"මෙහි පැමිණි පසු සුළු දේවලින් පවා ගැඹුරු සතුටක් ලැබිය හැකි බව මම තේරුම් ගතිමි. වත් පොහොසත්කම් සහ සමාජ තත්වය යනු නොවැදගත් දේවල් බව මෙහි දී තේරුම් යයි."

No comments:

Post a Comment