Saturday, January 8, 2022

නෝටි ශාන් - පැතුම් කර්නර්


 










"අපේ අම්මා ද මේ චිමිනි ලාම්පුව වාගේ යැයි මට සිතෙයි. ... සීතල සුළඟින් චිමිනියේ දැල්ල නොසෙල්වෙන්නාක් මෙන්ම ඇය තුළ දැල්වුණු අධිෂ්ඨානය ද නොපසුබට උත්සාහය නම් වීදුරු ආවරණයෙන් ආරක්ෂා වී මොහොතකුදු නොසැලුණේ ය."

"ඇය කිසිදු විටෙක කන කෑම වේල හෝ බොන තේ කෝප්පය ‍රස වින්දනය නො කළා ය. බෙදා ගත් බත් පිඟාමේ ඇති කුමන හෝ දෙයක් අහුලා ගෙන මෙන් කෑ ඇය තේ කෝප්පය බොන්නේ ඇස් උඩට කරකවන් උඩ බලා ගත් වනම කල්පනාවක සිර වෙමින් ය."

"කාන්‍තාවකගේ ලාලිත්‍යය ඇය තුළින් ගිලිහෙද්දී පිරිමියෙකුගේ සවි ශක්තිය ඇය වෙළා ගෙන තිබුණි. ඇයගේ මේ පෞරුෂය තුළ මා හට අම්මා ද තාත්තා ද එක විට දැනෙන්නට වූ නිසාවෙන් තාත්තා නැතැයි අඩුවක් ජීවිතයේ කිසි දිනක හදවතට දැනී නැත්තේ ය. ඒ ආදරයේ ද, රැකවරකයේ ද අසම්පූර්ණ වූ කොටසක් මා මතකයේ නොමැති ය. එබැවින්ම තාත්තා ‍යන චරිතයක් පවුලේ කොතනට අයිතිදැ'යි මම අදටත් නොදනිමි"

No comments:

Post a Comment